Monday, November 11, 2013

ගිනස් පොතට යන ලංකාවේ බෙහෙත් පෙත්ත...


අහුංගල්ලේ පිටියගේ ජයසේන මහතා 1995 වසරේ සිට කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව, තරබාරුව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්ව සඳහා කුරුඳු සහ මී පැණි මිශ්‍රණයෙන් බෙහෙත් පෙත්තක් නිෂ්පාදනය කර තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද, එස්.එල්.එස්. සහතිකයද හිමිව ඇතැයි කියන එම බෙහෙත් පෙත්තේ විශ්කම්භය අඟල් 12කි. උස අඟල් 2 1/2කි. බර කිලෝ ග්‍රෑම් 4කි.



පොදුරද සමුළුවට පැමිණෙන නියෝජිතයින්ට දැක බලා ගැනීම සඳහා මෙම බෙහෙත් පෙත්ත ලබන 13 වැනිදා සිට 16 දක්වා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

17 වැනිදාට මෙරට ජනතාවටද එම ස්ථානයේදීම දැක බලා ගත හැකිය. මෙය ලොව විශාලතම බෙහෙත් පෙත්ත ලෙස ගිනස් වාර්තා පොත් අතරට ද එක්වනු ඇතැයි ද හෙතෙම විශ්වාස කරයි.

කේක් මෙන් මෘදු ලෙස නිපදවා ඇති මෙම බෙහෙත් පෙත්ත තේ හැන්දකින් කඩාගෙන කෑ හැකි බව අප වාර්තාකරු කියයි


ඡායා රූ - දීපාල් ද සිල්වා
උපුටා ගැනීම - අද දෙරණ








0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ