මෙරට ඉදිවූ දෙවැනි අධිවේගී මාර්ගය වන කටුනායක අධිවේගී මාර්ගය (27) ජනතා අයිතියට පත්වෙනවා. මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
l. මෙරට ඉදිවූ දෙවැනි අධිවේගී මාර්ගය වන කටුනායක අධිවේගී මාර්ගය හෙට (27) ජනතා අයිතියට පත්වෙනවා. මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?මෙහි ප්‍රතිලාභය ජනතාවට වඩාත් කාර්යක්ෂමව තම කටයුතු ඉටු කර ගැනීමට පහසුවන ලෙස කාලය ඉතිරිවීමයි. පිටරටක සිට අපේ රටට ඉතා කෙටි කාලයකින් පැමිණි ශ්‍රී ලාංකිකයෙක් හෝ විදේශිකයෙක් කටුනායක සිට කොළඹට එන්න පැය 1 ½ක පමණ කාලයක් ගත වෙනවා.
වාහන තදබදය වැඩිනම් මීටත් වඩා වෙලාව යන්න පුළුවන්. මෙම අධිවේගී මාර්ගය භාවිතා කර විනාඩි 20න් කොළඹට එන්න හැකිවෙනවා වගේම මින් බොහෝ කාලයක් ඉතිරි වෙනවා. කඩිනම් ප්‍රවාහන පද්ධතියක් ඇතිවීමත් කොළඹින් පිටත ප්‍රදේශවලට ජනතාව වාසය සඳහා යොමු කරවීමත් සිදුවෙනවා. කොළඹ කියන්නේ තදබදය පිරුණ නගරයක්. කොළඹ තදබදය අඩු කරන්න නම් හැකිතරම් මාර්ග පද්ධතිය දියුණු කරන්න ඕන.
සංචාරක කර්මාන්තය නංවාලීමත් ඈත ප්‍රදේශවල තිබෙන කර්මාන්තශාලාවල නිෂ්පාදන පහසුවෙන් කොළඹට ගෙන ඒමටත් අධිවේගී මාර්ගය ප්‍රයෝජනවත් වෙනවා. මොකද කටුනායක - කොළඹ අතර තමයි විශාල මාර්ග තදබදයක් තිබෙන්නේ.
2. අධිවේගී මාර්ග සම්බන්ධව මේ රටේ ජනතාව තුළ යම් බියක් හා සැකයක් මුසුව තිබුණා. මේ අධිවේගී මාර්ග ව්‍යාපෘති දෙක මේ තත්ත්වය නැතිකරන්නට හේතු වුණාද?
ජනතාවට මේ සම්බන්ධව බියක් තිබුෙණ් නෑ. ඔවුන් බලාපොරොත්තු වුනෙත් මෙවන් සංවර්ධනයක් දැකීමයි. අධිවේගී මාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් වසර 50කට පමණ එහා ගිය කථාබහක් ගොඩනැගී තිබුණා. මහින්ද රාජපක්ෂ රජය බලයට පැමිණෙන තෙක් මේවා තිබුණේ සිහිනයක් හැටියට පමණයි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකරන්නට විවිධ කථාබහ ඇතිවුනත් එය යථාර්ථයක් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. කටුනායක අධිවේගී මාර්ගයත් එෙලසින් කථාබහට ලක් වී අතහැර දමා තිබූ ව්‍යාපෘතියක්. මහින්ද රාජපක්ෂ මහතා මෙම තත්ත්වය තේරුම්ගෙන ප්‍රායෝගිකව සිතා කටයුතු කරන නායකයෙක්. නිතර සිදුකරන වැඩ අධීක්ෂණය කරනවා. අධිවේගී මාර්ගය ඉදිකරන තෙක් කොයිතරම් වාරයක් එතුමා එම භූමියට ගියාද? මේ නිසයි 27 වනදාට මේ අධිවේගී මාර්ගය ජනතාවට ලබා දෙන්න හැකිවන්නේ. ජනතාව කොයිතරම් නම් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කර ස්තුතිය පළ කරනවාද?
3. මේ අධිවේගී මාර්ගය හේතුවෙන් නව කැලණි පාලම අසල විශාල වාහන තදබදයක් ඇතිවිය හැකියි නේද?
අධිවේගී මාර්ගයත් සාමාන්‍ය කොළඹ හලාවත මාර්ගයත් ඇතුළු මාර්ග නිසා වාහන තදබදය වැඩිවෙනවා. මෙයට පිළියමක් ලෙස අපි නව කැලණි පාලමට ඉහළින් මංතීරු 7න් යුත් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකරනවා. එය ගුවන් පාලමක් ලෙස කැලණි තිස්ස විදුලි බලාගාරය අසල පිහිටි බණ්ඩාරනායක වටරවුම දක්වා ඉදිකෙරෙනවා. අනෙක් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස වරාය පිවිසුම් මාර්ගය දක්වාත් අනෙක් මංතීරු බේස්ලයින් මාර්ගය ඔස්සේත් ඉදිරියට පුළුල් වෙනවා.
කැලණි ගඟ මැද කිසිදු කුලුනක් මේ සඳහා ඉදිවන්නේ නැහැ. දැනට දිනකට ගමන් කරන වාහන ප්‍රමාණය අධිවේගී මාර්ගය විවෘත වීමත් සමඟ දිනකට ලක්ෂය ඉක්මවන අතර ඒ සඳහා පිළියමක් ලෙසට මෙම පාලම ඉදිවෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නිර්ණයන්ට අනුකූල බව ශක්‍යතා අධ්‍යයනය තහවුරු කර තිබෙන ජපන් ආධාර මත ඉදිවන නව පාලම ඉදිකිරීම් අධිවේගය විවෘත කිරීමත් සමඟ ආරම්භ වෙනවා.
4. මෙම මාර්ගයේ ගාස්තු වැඩි බව බොහෝ දෙෙනක් පවසනවා.
මෙම මාර්ගය සඳහා ගාස්තු කිලෝමීටර ගණනට අයකරන්නේ නෑ. මින් ලැබෙන පහසුව රුපියල් ශත මත මනින්නට බැහැ. මේ සේවාවෙන් ලැබෙන ශාරීරික පහසුව, ඉතිරිවන කාලය, අනිකුත් වියදම්, ඉතිරිවන ඉන්ධන ගැනයි සිතන්න ඕන. දක්ෂිණ අධිවේගී මාර්ගයේත් කිලෝමීටර ගණනට ගණන් හැදුවේ නෑ. එහෙම හිතන එකත් හොඳ නෑ. පෑලියගොඩ සිට කටුනායකට පැයකට අධික කාලයක් ගත වුණා. දැන් මිනිත්තු 20යි යන්නේ. ඉතින් රුපියල් 300ක් ගෙවන එක පාඩුද? දක්ෂිණ අධිවේගී මාර්ගයටත් ඔය ටිකමයි කිව්වේ. බලන්න දැන් ෙකායිතරම් එය භාවිතා කරනවද? සති අන්තයේ නිවාඩු දිනවල විශාල ජනතාවක් මෙම මාර්ගය භාවිතා කරනවා. ජනතාව බලන්නේ ලබාදෙන සේවාව දෙසයි.
5. මේ රටේ තවමත් මාර්ග පද්ධතිය ප්‍රමාණවත් ලෙස දියුණු වෙලා නැහැයි කියනවා. මෙය ඇත්තක්ද?
මාර්ග සංවර්ධනය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ 2005 වසරේ සිට මේ වනතෙක් රුපියල් බිලියන 500ට වඩා ආයෝජනය කර තිබෙනවා. ඊට පෙර රජයන් ආයෝජනය කළ ප්‍රමාණය මෙන් පනස් ගුණයක් මේ වනවිට ආයෝජනය කර තිබෙනවා. ජනාධිපතිතුමා නිතර සිතන්නේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රටේ ආර්ථික සංවර්ධනයට හේතු වන බවයි. අපේ රටේ මාර්ග පද්ධතිය කොතරම් පැරණිද. වැඩිවන ජනගහනයට හෝ වාහනවලට සරිලන්න එය ප්‍රමාණවත් නැහැ. ඒත් පසුගිය කාලයේ මාර්ග සංවර්ධනයේ සුවිශේෂී පෙරළියක් ඇති වූ බව කාටවුනත් පේනවා.
6. ලබන නොවැම්බර් මාසයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වෙනවා. කඩිනමින් වැඩ නිම කළේ ඒ නිසාද?
නැහැ. මෙයට පෙර ඉදිරිකිරීම් අවසන් වීමට නියමිතවයි තිබුණේ. මෙම සමුළුවත් අප රටට සුවිශේෂීත්වයක් ගෙන එනවා. මොකද අපේ රට වසර 30ක් පුරා ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාර වලින් පීඩා විඳි රටක්. කොයිතරම් නිරායුධ මිනිසුන් මියගියාද ඔවුන්ගේ බෝම්බවලට හසුවී.
එම තත්ත්වයෙන් රට මුදා ගත් අභීත නායකත්වය රට සංවර්ධනය කරා යොමු කර තිබෙන ආකාරය මෙම රටවල් 54 රාජ්‍ය නායකයින්ට සියැසින් දැකගත හැකියි. අප රට ගැන චෝදනා කළ බලවේග සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ අය දෙවරක් සිතාවි. ඒ වගේමයි අපේ රට නිල් මුහුදු තීරයකින් වට වූ අලංකාර රටක්. මේ රටේ සුන්දරත්වය විඳගන්නා අතරම පශ්චාද් යුද සමයක සිටින අප රට ලබා තිබෙන සංවර්ධනය පිළිබඳව රාජ්‍ය නායකයින් සිතාවි. කථා කරාවි. ඒ පණිවිඩය ජාත්‍යන්තරයට යනවා.
7. අධිවේගී මාර්ගවලට ණය අරගෙන වියදම් කිරීම අපරාධයක් බව කියනවා. මේ කතාව සත්‍යයක්ද?
රට ගැන ද්වේෂයෙන් හිතන අය ගෙනෙන තර්ක තමයි ඒවා. ජාතික මාර්ග පද්ධතිය ඉදිකරන්නත් අපි ණය ගන්නවා. අධිවේගී මාර්ගයේ යන්නේ මුදල් ෙගවලා. ඒත් සාමාන්‍ය පාරක යනවිට මුදලක් ලැබෙන්නේ නෑ. මින් ආර්ථිකයට කොයිතරම් ප්‍රතිඵල ලැබෙනවාද. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයකින් ගාල්ලට යන පුද්ගලයා සාමාන්‍ය මාර්ගයේ පැය 3ක් 3 ½ක් යනවා. මෙතන කොතරම් කාලයක් නාස්ති වෙනවාද? අපි මොනදේට ණය ගත්තත් ඒවා ගෙවන්න ඕන.
මේ රටේ ජනතාවට පහසු මාර්ග පද්ධතියක් ප්‍රවාහන ජාලයක් ඇති කරන්න ඕන. ඇතැම් අයට ඊර්ෂ්‍යාව, කුහකකම පිරුණම කරන කිසිම වැඩක් හොඳ ආකාරයට පෙනෙන්නේ නෑ. ලෝකය ජයගන්න නම් අප රටේ දියුණු මාර්ග පද්ධතියක් තියෙන්න ඕන. මේ කතා අහලා අපි මේ වැඩ නතර කරන්නේ නෑ. කටුනායක අධිවේගී මාර්ගය ෙකාළඹ පිටත වටරවුම් මාර්ගය ඔස්සේ කොට්ටාව පිවිසුමට බද්ධ වෙනවා. කොට්ටාව පිවිසුම දක්වා මේ මාර්ගයේත් වැඩ අවසන් වෙමින් තිබෙන්නේ.
කොට්ටාව - පින්නදුව අධිවේගී මාර්ගය මාතර දක්වා මේ වනවිට ඉදිකිරීම් සිදුවෙනවා. මාතර සිට මත්තල හරහා හම්බන්තොට දක්වා අධිවේගයේ ඉදිකිරීම් සඳහා කැබිනට් අනුමැතිය පසුගිය දිනවල ලැබුණා. මෙම ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරනවා. මේ මාර්ග ඉදිවුනාම ප්‍රතිලාභ ලැබෙන්නේ මේ රටේ ජනතාවට. අද කොළඹ ව්‍යාපාරිකයන් කී දෙෙනක් නම් දිනපතා ගාල්ල සිට කොළඹට එනවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ.
8. අධිවේගී මාර්ගයේ අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවටද?
මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350ක් වැයවුණා. දේශීයව ඩොලර් මිලියන 70ක් වැය කළත් ඉතිරි මුදල් ලැබුණේ චීන රජයේ ණය ආධාර ලෙසින්. එම රටෙන් ණය ගත්තට මාර්ගය චීනයට අයත් වන්නේ නෑ. අපි ණය ගෙවනවා. කොළඹ දකුණ වරාය ඉදිකළාම කිව්වෙත් ඔය ටිකම තමයි. මේ වෙනකොට ව්‍යාපෘතිය සඳහා ණය දුන්නත් ඒ ව්‍යාපෘති එම රටවල්වලට අයිති වන්නේ නෑ. පසුගිය කාලය පුරා කොයිතරම් විශාල ව්‍යාපෘති රටේ ඇතිවුණාද? ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, නොරොච්චෝලේ ගල්අඟුරු තාප විදුලි බලාගාරය, උමා ඔය විදුලි යෝජනා ක්‍රමය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු ව්‍යාපෘති රැසක් ඉදි-වුණා.
9. අධිවේගී මාර්ගයට ඇතුළුවන ජනතාව මේ මාර්ග භාවිතා කරන්නේ කොහොමද?
මේ රටේ ජනතාව ලබා දුන් ෙම් මාර්ග ආරක්ෂා කිරීම ජනතාව සතු යුතුකමක්. දක්ෂිණ අධිෙව්ගී මාර්ගයට බීපු බෝතලය පවා වීසි කරනවා. මේ වැඩ කරන එක හොඳ නැහැ. මොකද දක්ෂිණ අධිවේගී මාර්ගය බොහෝ විදේශිකයන් භාවිතා කරනවා. මේ මාර්ගෙය් අලංකාරත්වය සඳහා මල් වර්ග වවා තිබෙනවා. දෙපස ජනතාව මේ මාර්ගය තමන්ගේ වගේ සිතා කටයුතු කළ යුතුයි. ආරක්ෂා කරගත යුතුයි. මාර්ගය නඩත්තු කරන අයට සහයෝගය ලබාදිය යුතුයි.
මේ හැම සංවර්ධනයක්ම සිදු කරන්නේ ඉදිරි අනාගත පරපුර සඳහායි. ඔවුන්ට මේවා ආරක්ෂා කරදීම සියලු දෙනාගේම වගකීමක්.
සිළුමිණ සාකච්ජා කළේ
සුභාෂිණි සේනානායක
0 comments:
Post a Comment