Saturday, August 10, 2013

තහනම් කිරි ‘ලංකා සතොස’ නමින් වෙළඳපලේ

DCD විෂකාරකය අඩංගු වීම හේතුවෙන් වෙළෙදපොළෙන් ඉවත් කිරීමට නියෝග කල කළ කිරිපිටි කාණ්ඩ වර්ග අතුරින් ඩයමන්ඞ් නම් කිරිපිටි වර්ගය ඇසුරුම පමණක් වෙනස් කර ලංකා සතොස කිරිපිටි යන වෙළද නාමයෙන් ලංකා සතොස වෙළෙදසැල්වල අලෙවිකරන බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සභාපති නලීන් ප‍්‍රනාන්දු මහතා සදහන් කරන්නේ මොනයම් හෝ කිරිපිටි වර්ගයක් වෙළෙද පොළෙන් ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට නිල වශයෙන් තම අමාත්‍යංශය වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්වත් කර නොමැති බවත් ඒ පිළිබද නිල දැනුවත් කිරීමක් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා බලාපොරොත්තු වන බවත් පවසයි.

කෙසේ වෙතත් තහනම් කරන ලද කිරිපිටි වර්ග හතරක අදාළ කාණ්ඩ අංක යටතේ ඇති කිරිපිටි තොග පමණක් වෙළෙද පොළෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිර්දේශ කළද කිරිපිටි සියල්ල මෙරටට ආනයනය කිරීමෙන් පසු කාණ්ඩ අංක යටතේ ඇසුරුම් කරන බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අදාළ කාණ්ඩ අංකවල පමණක් නොව ආනයනය කරනු ලැබූ එම සියලූම කිරිපිටි තොග සියල්ලේම DCD රසායනිකය අඩංගු විය හැකි බවටද සෞඛය අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/99104/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ