Saturday, August 10, 2013

හයිලන්ඩ් තොග පිටින් හොරු උස්සයි -ඇනකර්ට එරෙහිව හයිලන්ඞ් පොලීසි යයි

ෆොන්ටෙරා ගරිල්ලා මාකටිං ඇරඹේ.. ඇනකර්ට එරෙහිව හයිලන්ඞ් පොලීසි යයි

වස කලවම් වී තිබීම නිසා සිය නිෂ්පාදන ශ‍්‍රී ලංකාවේ අලෙවි කිරීම තහනම් කර ඇති අපකීර්තිමත් නවසීලන්ත ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකාව තුල වේගයෙන් බිඳ වැටෙමින් ඇති සිය වෙළඳ පල රැකගැනීම සඳහා ගරිල්ලා පන්නයේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කොළඹ සහ මෙරට සියළු ජනාකීර්ණ ප‍්‍රදේශවල පිහිටි වෙළඳසැල් වලට ගොස් ඒවායේ සියළු හයිලන්ඞ් නිෂ්පාදන ඇන්කර් ප‍්‍රවාහන රථවලින් එකතු කරමින් සිටින්නේ යයි වාර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් වහා ක‍්‍රියාත්මක වී ඇති මිල්කෝ සමාගමේ බලධාරීන් මේ සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දමා ඇති අතර වෙළඳ සැල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනේනේ සිය පාරිභෝගික ජනතාව වෙත හැර වෙනත් කිසිදු උවමනාවක් සඳහා සිය නිෂ්පාදන තොග පිටින් අලෙවි නොකරන ලෙසයි.

අලූත්ම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන වෙළඳපල විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ෆොන්ටෙරා සමාගම උත්සාහ කරමින් සිටින්නේ වෙළඳපලේ කිරිපිටි හිඟයක් ඇති කර තම නිෂ්පාදන නැති අඩුව රජයේ බලධාරීන්ට දැනෙන්නට සැලැස්වීම බවයි.

මේ අතර අද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෆොන්ටෙරා සමාගම විසින් නවසීලන්තයේ අලෙවි කල අධිප්‍රෝටීන් විෂ වීමක් නිසා නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කරගෙන සමාව ඉල්ලා ඇති බවයි.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/99117/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ