Thursday, August 8, 2013

නෙළුම් කුළුණේ ප‍්‍රධාන කොන්ක‍්‍රීට් ආවරණය යෙදීම සිදු වූවා....

1157675_657722820927495_24569218_nඉදිකිරීමට නියමිත බහු සම්ප්‍රේෂණ නෙළුම් කුළුණේ ප‍්‍රධාන කොන්ක‍්‍රීට් ආවරණය යෙදීම (08දා) රාත‍්‍රී සිදු කෙරෙන බව විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසයි.

කොන්ක්‍රිට් ආවරණය සඳහා සිමෙන්ති කොට්ට හතළිස්දාහසකට අධික සංඛ්‍යාවක්
භාවිත කිරීමට සිදු වේ. මෙම බහු සම්ප්‍රේෂණ කුළුණ ඉදිකිරීමට මුල්ගල තැබීම පසුගිය වසරේදී සිදු කරන ල‍ද්දේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ යෝජනාවකට අනුවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 104ක් වැය වන ඉදිකිරීමට යෝජිත මෙම නව බහු සම්ප්‍රේෂණ කුළුණ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 7 ½ක භූමි භාගයක ඉදි වේ. මෙහි උස මීටර් 350කි.

රූපවාහිනී හා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සිදුවන්නා වූ ශීඝ්‍ර සංවර්ධනය හේතු කොට ගෙන ඉදිරියේදී රූපවාහිනී සේවා සපයන්නන් 50ක්, විදුලි සංදේශ සේවා සපයන්නන් 10ක් සහ ගුවන්විදුලි සේවා සපයන්නන් 50කට පමණ කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ඔස්සේ පහසුකම් සැලසෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය අවුරුදු 2 ½ක් වැනි කාලයක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

536903_658901537476290_1141699601_n

544853_658901880809589_191824540_n

998086_658901250809652_1753072494_n

1098003_658901524142958_1679763068_n

1146618_658902670809510_1835989914_n


උපුටා ගෑනීම -  Anura S. Liyanage Target-news -news.lk--2013-08-08

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ