Thursday, August 8, 2013

ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගෑස්

images_207
මන්නාරම් බොක්කේ ශ‍්‍රී ලංකාව විසින් කණිනු ලබන ගෑස් ළිං මගින් ස්වභාවික වායු වාණිජමය වශයෙන් නිෂ්පාදනය ඇරඹූ පසු ඒවා ලබා ගැනීම සඳහා ඉන්දියාව උනන්දුවක් දක්වන බව වාර්තා වනවා. ඉන්දීය පුවත්පතක් අද (05) සඳහන් කර ඇත්තේ මෙරට ස්වභාවික වායු ලබාගෙන ඒ වෙනුවට ඉන්දියාවෙන් භාණ්ඩ හා සේවා ශ‍්‍රී ලංකාවට සැපයිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යවරයා නුදුරේදී ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ඉඩ ඇති බව ද එම පුවත්පත සඳහන් කළා.

කෙයාන් ඉන්දියා සමාගම විසින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මන්නාරම් බොක්කේ කණින ලද ළිං දෙකකින් මේ වන විට ස්වභාවික වායු සොයාගෙන තිබෙනවා. දැන් එහි ගවේෂණ පිවිස ඇත්තේ තුන්වන අදියරටයි. මීට අමතරව මන්නාරම් බොක්කේ සහ කාවේරි බොක්කේ ඉතිරි තෙල් මුහුදු තීරු 13 ගවේෂණය සඳහා අයෝජකයන්ට ලබාදීමට ලක් රජය දැන් ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැදවා තිබෙනවා.

source:newsfirst.lk

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ