Friday, August 23, 2013

මිල්කෝ දියර කිරි නිපැයුම දෙගුණයකින් නංවන්න පියවර

මිල්කෝ ආයතනයේ දියර කිරි නිෂ්පාදනය වහාම දෙගුණයකින් ඉහළනැංවීමට පියවර ගෙන තිබෙන බව පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.ටී. කෑඳරගම මහතා පැවැසීය.

ඒ අනුව මිල්කෝ ආයතනයේ දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂ 6ක් දක්වා ඉහළ නැංවෙන බවද ලේකම්වරයා කීය.

මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය නවීන උපකරණ දැනටමත් ඩෙන්මාර්කයෙන් ආනයනය කර තිබෙන බවද කෑඳරගම මහතා සඳහන් කළේය.

මිල්කෝ ආයතනය දැනට කිරි ගොවීන් 50,000කගෙන් පමණ කිරි මිලදී ගනී.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ