Thursday, August 15, 2013

‘නෙළුම් කුලූන’ට ඩොලර් මිලියන 104ක්, සිමෙන්ති කොට්ට ලක්ෂ 4ක්

පසුගියදා ඉදිකිරීම් කටයුතු ආරම්භ කල ‘නෙළුම් කුලූන’ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 104 ක මුදලක් වැයවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

ඉන් ඩොලර් මිලියන 88 ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ණයක් වශයෙන් ලබාගැනෙන බවත්, ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැයකරනු ලබන බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.

චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගැනෙන ඩොලර් මිලියන 88 ක ණය මුදල කුලූනේ ආදායමින් වසර 7 ක් තුල ගෙවා නිමකිරීමට හැකිවන බව කී ජනාධිපති ලේකම් වීරතුංග මහතා එය රජයට බරක් නොවන බව කීවේය.

මෙහිදී විඅදහස් දැක්වූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසුවේ අඩි 1100 ක පමණ උසින් යුත් නෙළුම් කුලූන බහුකාර්ය සන්නිවේදන කුලූන ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල බවට පත්වන බවත් මෙම කුලූන තුළ තට්ටු හතරක ගොඩනැගිලි, දේශන ශාලා, කැරකෙන ආපන ශාලා ඇතුළු පහසුකම් ඉදිකෙරෙන අතර වාහන 2000 ක් නතර කළ හැකි රථ ගාලක්ද එහි ඉදිවන බවත්ය.

කුලූන ඉදිකිරීම සඳහා සිමෙන්ති කොට්ට ලක්‍ෂ 4 ක් පමණ අවශ්‍ය වන බවද ඔහු සඳහන් කල  පැල්පිට මහතා මෙහි ඉදිකිරීම් කටයුතු 2015 වසරේ මාර්තු 31 වැනිදාට පෙර නිමකිරීමට සැලසුම්කර ඇතැයි ද කීවේය.

උපුටා ගැනීම - lanka c news

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ