Friday, July 26, 2013

රට කිරි පිටි හතරක අහිතකර රසායනයක්

ලංකාවේ වර්ග දෙකක් හොඳයි

පිට රටින් ගෙන්වන කිරිපිටි වර්ග හතරක මිනිස් ආහාරයට නුසුදුසු ඩී.සී.ඩී. හෙවත් ඩයිසයන්ඩයිඒමයිඩ් රසායනිකය අඩංගු බව සිදුකළ පරික්ෂණයකින් සොයාගත් බව  තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බළශක්තිය පිළිබඳ අමාත්‍යංශයේ කාර්මික තාක්ෂණික ආයතනය කියයි. ඒ බව රේගුවට, පාරිභෝගික සේවා අධිකාරියට හා සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා යවා ඇත. ඩීසීඩී යනු කිරි ගවයන්ගේ ආහාරයට ගන්නා තණ බිම්වලට යොදා ගන්නා රසායනිකයකි.  ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටි වර්ග දෙකක එම රසායනය නැති බව පර්යේෂණයේ දි සොයාගෙන ඇත.


2013 ජූලි මස 26 20:21:47 | . , සුරංජිත් පෙරේරා - ලංකාදීප 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ