Friday, June 7, 2013

භාෂා වෙතින් HIRU NEWS APP එලිදැක්වේ

ආසියානු මාධ්‍ය ජාලයේ ප‍්‍රවෘත්ති එසැණින් සැපයීමේ සේවය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ත්‍රෛභාෂික ඇසිදිසි ප‍්‍රවෘත්ති ඇප් වැඩසටහන හිරු ප‍්‍රවෘත්ති සඳහා මේ වන විට එළි දක්වා තිබෙනවා. ඒ අනුව ඔබේ ඕනෑම ඇන්ඩ්‍රොයිඞ් මෘදුකාංග සහිත උපාංගයකින් එය නොමිළේ ඩවුන්ලෝඞ් කර ගත හැකියි.

මෙම ඇප් වැඩසටහන හරහා ලොව පුරා සිදුවන ඕනෑම ප‍්‍රවෘත්තියක් සිදුවූ සැනින් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට ලබාගත හැකියි. හිරු ප‍්‍රවෘත්ති විසින් එළිදක්වා තිබෙන මෙම ඇප් වැඩසටහනේ තිබෙන නොටිෆිකේෂන් සේවාව හරහා එම ප‍්‍රවෘත්ති සැණින් දර්ශනයවීම ද විශේෂත්වයක්. අනතුරුව හිරු ප‍්‍රවෘත්ති ඇප් වැඩසටහන වෙත පිවිස එම ප‍්‍රවෘත්ති සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන ඔබ කැමැති ඕනෑම භාෂාවකින් කියවිය හැකියි. ඊට අදාළ හඬ පට සහ ඡායාරූප ද මෙම ඇප් වැඩසටහන හරහා දර්ශනය වනවා. මෙමගින් හිරු ටී.වී.ප‍්‍රවෘත්ති විකාශයන් ද ඔබට සුපැහැදිලි දසුන් මගින් නැරඹීමට අවස්ථාව හිමි වනු ඇති. ප‍්‍රවෘත්ති විශේෂාංගයන් ද වෙන වෙනම ඕනෑම මොහොතක නැරඹීමේ හැකියාව ද මෙම ඇප් වැඩසටහන හරහා හිමිවීම විශේෂත්වයක්.

ඔබ නැරඹූ ඕනෑම ප‍්‍රවෘත්තියක් හෝ දර්ශනයක් ෆේස් බුක් වෙබ් අඩවිය හරහා එසැණින් ඔබේ මිතුරන් හා හුවමාරු කර ගැනීමට ද අති නවීන ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයෙන් සමන්විත මෙම වැඩසටහනෙන් අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම ඇප් වැඩසටහන සතුව පවතින සුවිශේෂී විශේෂාංගයක් වන්නේ ඔබ දකින ඕනෑම ප‍්‍රවෘත්තියක් අප වෙත යොමු කිරීමේ හැකියාවයි.

මෙම ඇප් වැඩසටහනේ තාක්ෂණික සහකරු ලෙස දේශීය භාෂාවෙන් මෘදුකාංග නිපැයීමේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන භාෂා ලංකා සමාගම කි‍්‍රයා කරනවා. හිරු ප‍්‍රවෘත්ති හඳුන්වා දෙන මෙම සියලූ විශේෂාංග සපිරි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ත්‍රෛභාෂික ඇසිදිසි ජංගම ප‍්‍රවෘත්ති යෙදුම ගූගල් ප්ලේස්ටෝර් වෙතින් දැන් නොමිලේම ඩවුන්ලෝඞ් කර ගත හැකියි.
link - play.google.com/store/apps/bhasha.hirunews

Hiru News (Sri Lanka)



Video - 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ