Sunday, June 9, 2013

Global Target Solutions යනු ...?

Global Target Solutions යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශයේ මහාචාර්ය වරුන් හා දැනට උපාධිය හමාර කර ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ආහාර ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නිෂ්පාදන හා තත්ව උපදේශන සේවා සපයන ආයතනයකි. ඒ වගේම ආහාර තාක්ෂණය පිලිබඳ අප ලත් දැනුමින් අපි විවිධ නිෂ්පාදන ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු.
ඔබට අප පිලිබඳ වැඩි විස්තර අපගේ වෙබ් පිටුවෙන් දැනගැනීමට හැකිය.( http://www.gtsactive.com/). 

 ෆේස්බුක් පිටුව -  Global Target Solutions - Gts 


තේ යනු ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිත පානයකි. එමෙන්ම එහි ඇති ගුණදායක බවද ඉහලය. බහු ජාතික සමාගම් වල විවිධ කෘතීම පාන වර්ග වලට වඩා තේ යනු රසකාරක, කල්තබා දැනීමේ ද්‍රව්‍ය වලින් තොර ඉතා ගුණදායි රසවත් පානයකි. 

ආහාර වල පවතින වස විස..!!
වර්තමානයේ වෙළඳපොලේ පවතින බොහෝ කෘතීම ආහාර පාන වර්ග කල් තබා ගැනීමට හා ඒවායේ වර්ණය රසය වැඩි දියුණු කිරීමට ආහාර ආකලන ද්‍රව්‍ය(food additives) එකතු කිරීම ඉතා සුලබව සිදු වන්නකි. මෙම ආකලන ද්‍රව්‍ය වලින් සුළු ප්‍රමාණයක් ස්වභාවික ඒවා වන අතර බොහොමයක්ම කෘතීම රසායනික ද්‍රව්‍යයන්ය. එබැවින් මෙවැනි කෘතීම ආකලන ද්‍රව්‍ය අඩංගු ආහාර අධිකව පරිභෝජනය කිරීමෙන් වලකින්න. එය ඔබට නිරෝගී දිවි පෙවතක් ගත කිරීමට මහත් රුකුලක් වනු ඇත.


සහල් පිටි ද? තිරිඟු පිටි ද? 


ඔබත් ආහාර පිසීමේදී තෙල් වර්ග භාවිතා කරනවාද..?? එසේ නම් ප්‍රවේශමෙන්..!!



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ