Sunday, June 23, 2013

නිලංගා සේනානායක ආසියානු විවාහක රූ රැජින ලෙස කිරුලූ පළඳි.

ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක මහත්මිය සමත් වූවාය. ඇය අද දිවයිනට පැමිණියාය.

 රටවල් 30 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මැලේෂියාවේ ක්වාලාලාම්පූර්  නුවර පැවැත්විණි.
තරගාවලියේ හොදම නිරූපිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද නිලංගා  සමත්වූවාය.

කළුතර පදිංචිව සිටින නිලංගා 32 හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනෙකුගේ මවකි. ඇය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.

















උපුටා ගෑනීම - www.lankadeepa.lk

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ