Sunday, June 9, 2013

රාත්‍රියක් ඩොලර් 50 යි!ජෙටිවින්ග් වෙතින් හොටෙල් ජේ නමින් බජට් හෝටල් රැල්ලක් එයි

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වු හර්බර්ට් කුරේ ප්‍රමුඛ පවුල විසින් 1980 දි ඇරඹ් ජෙට්වින්ග් හෝටල් සමුහය  විසින් හොටෙල් ජේ නම්න් නව ආරක හෝටලයක් බජට් සංකල්පය යටතේ පසුගිය 08 දා මීගමුවේදි රටට හදුන්වා දුන්නේය.
වෙනස් යමක් කිරීමට ජෙට්වින් හි අපි  තීරණය කළා, අයිතිය හා කළමනාකරණය ජෙට්වින්ග් සමාගමට අයත් වුවත්, එයට හොටේල් ජේ යන නව සන්නාම නාමය යටතේ නම්තැබූ වේ ඒ නිසයි.

මෙම සන්නාම නාමය හා සංකල්පය මෙරට තවත් ප්‍රදේශ වලට ගෙන යාමට ද අදහස් කරනවා යැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අතින් මෙම හෝටලය විවෘත වු අවස්ථාවේ එහි සභාපති හිරාන් කුරේ පවසා ඇත.

මෙහි කාමර 35කි.හෝටලයේ රාත්‍රියක් ගත කිරීම සඳහා ඇමෙරිකානු
ඩොලර් 37 සිට අය කෙරේ.

සැපපහසු කාමර, වායුසමීකරණ, විදුලි පංකා, අයි.ඩී.ඩී. පහසුකම් සහිත දුරකථන, නොමිලේ වයි ෆයි පහසුකම්, සීතල හා උණුසුම් ජලය මෙහි ඇති පහසුකම් අතර වේ.

මෙම වසර අවසානය වන විට නුවරඑළිය, පාසිකුඩා වැනි සංචාරක තෝතැනි වලද මීගමුව හොටෙල් ජේ වැනි හෝටල් ඉදිකිරීමට ජෙට්වින්ග් සමාගම බලාපොරොත්තු වන බවද සදහන්ය.

වැඩි විස්තර www.hotelj.lk වෙබ් අඩවිය 

උපුටා ගෑනීම -  (www.randora.lk-10/06/13)






0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ