‘ෆාලීස් රස්ක්’ බිස්කට්වල හූනු කොටස් – අධ්‍යක්‍ෂලා 07කට වරෙන්තු

2007 වසරේ අප්‍රේල් 19වන දින මට්ටක්කුලිය නිශාන්ති රංජනී ප්‍රනාන්දු විසින් මෙම පැමිණිලල් සිදුකර ඇති අතර අදාල බිස්කට් ආහාරයට ගන්නා විට දැරියගේ වයස මාස 7ක්ව පැවති බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මේ සම්බන්ධව සමාගමේ වෙළද නියොජිතයාට දැන්වීමෙන් පසු සමාගමේ නිලධාරිනියක් දැරිය බැලීමට පැමිණ මේ ගැන හෙලි නොකරන ලෙසත් සමාගම වන්දියක් ගෙවීමට සුදානම් බවත් දන්වා ඇතැයි දැරියගේ මව විසින් කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.
නමුත් දිගින් දිගටම දැරියට මළපහ සමග රුධිරය පිටවීම නිසා ඇය බොරැල්ල රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කර ඇතැයිද පැමණිල්ලේ කියැවේ.
ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විකාශයේ මේ පුවත විකාශය වූ වීඩියෝව -
උපුටා ගෑනීම - lankaCnews
0 comments:
Post a Comment