Friday, May 31, 2013

මෙරට පිරිමින්ගෙන් 21% දුම්බිමට ඇබ්බැහි වෙලා

ලෝක දුම්වැටි විරෝධී දිනය අදට යෙදී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව මෙරට දිනකට පුද්ගලයින් 600 දෙනෙක් හෘදයාබාධවලට ගොදුරු වන අතර හෘදයාබාද හේතුවෙන් දිනකට මිය ගණන 20කි. මුඛ හා පෙණහළු පිළිකා හේතුවෙන් ද දෛනිකව සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වන අතර, මින් බහුතරයකට හේතුව දුම්පානය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහස වී තිබේ.

මෙරට රෝහල්වල නේවාසික රෝගීන්ගෙන් 20% ක්ම දුම්පානය හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක්වූවන් බවට හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පුරුෂයින් 21% හා කාන්තාවන්  0.8% දුම්පානයට ඇබ්බැහි වී සිටින බව හෙළිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.විශේෂයෙන් මෙය ග්‍රා‍මීය දිලිඳු භාවය සඳහා ප්‍රධාන හේතුවන්වී තිබේ. - newsfirst.lk


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ