Saturday, April 13, 2013

භාෂා ලංකා සමාගමේ ප්‍රධාන කාර්යාලය කළුතර දී විවෘත වූ වගයි

DSC_0240ශ්‍රී ලාංකේය දේශීය භාෂා මෘදුකාංග නිපැයුම්කරණ‍යේ මහගෙදර වන භාෂා ලංකා (පෞද්) සමාගමේ ප්‍රධාන කාර්යාලය පසුගිය අප්‍රේල් 8 වන දා කළුතර දී විවෘත කෙරිණ.

2011 වර්ෂයේ දී මොරටුව සරසවියේ උපාධිඅපේක්‍ෂකයෙකුව සිටි යොවුන් ව්‍යවසායකයෙකු වන ධනික පෙරේරා විසින් දේශීය භාෂා මෘදුකාංග නිපැයුම් බිහිකිරීම අරමුණු කොටගෙන ආරම්භ කෙරුණු භාෂා සමාගම එතැන් පටන් හුදෙක් අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු සිදුකරන අතථ්‍ය සමාගමක් ලෙස අවුරුදු එකහමාරකටත් වඩා වැඩි කාලයක් පැවතිණ. අතථ්‍ය සමාගම් යන සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් සාර්ථකව තම ව්‍යාපාරික කටයුතු මෙහෙයවූ මෙම සමාගම, මේ වන විට ජාත්‍යන්තරව සහ ජාතික මට්ටමෙන් සම්මානයට පාත්‍ර වූ දේශීය භාෂා මෘදුකාංග විසඳුම් ගණනාවක් නිර්මාණය කර ඇත. mBillionth දකුණු ආසියා‍නු සම්මානය (2011), ඉ-ස්වාභිමානී ජාතික සම්මානය (2011 සහ 2012) සහ NBQSA ජාතික සම්මානය (2012) ඔවුන්ගේ එම නිපැයුම් සඳහා හිමිකරගන්නා ලද සම්මානයන්ගෙන් කීපයකි.


අතථ්‍ය සමාගමක් ලෙස මෙතෙක් පැවති භාෂා සමාගම පසුගිය දා තම ප්‍රධාන කාර්යාලය කොළඹින් එපිට කළුතර දී විවෘත කරන ලද්දේ තවත් උඩුගම්බලායාමක් ලෙසය. මේ පිළිබඳ අදහස් දක්වමින් එම සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, ධනික පෙරේරා සඳහන් කළේ තොරතුරු තාක්ෂණයේ බලමහිමයෙන් මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති අද දින, තොරතුරු තාක්ෂණ සමාගමක ‍භෞතික ‍පිහිටීම තව දුරටත් වැදගත් නොවන බවයි. කිසිඳු භෞතික පිහිටුමක් නොමැතිව වුව ද ඔවුන් මෙතෙක් ලබාගෙන ඇති ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ පිළිගැනීමෙන්ම ඒ බව ඔප්පු වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

"මහජනයා සවිබලගන්වමින්" යන පුළුල් දැක්ම ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු මෙහෙයවන භාෂා සමාගම, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වෙසෙන ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාවය නොමැති මහජනතාව සඳහා ඔවුන්ගේම මවුබසින් නිපදවූ මෘදුකාංග විසඳුම් සපයමින් තොරතුරු තාක්‍ෂණයේ බල මහිමය ඔවුන් වෙත රැගෙන යාම සඳහා කැප වී කටයුතු කරන සමාගමකි.


* නිළ බ්ලොග් ලිපිය:මෙතනින්
* විවෘත කිරීමේ උත්සවයේ ඡායාරූප:මෙතනින්

* මාධ්‍යාවරණය: මෙතනින්
* සමාගමේ නිළ වෙබ් අඩවිය:මෙතනින්

DSC_0077

DSC_0100


DSC_0129

DSC_0050

DSC_0060

DSC09241

DSC_0059

DSC09242

DSC_0194


DSC_0219

DSC_0214


DSC_0245



.com/blogger_img_proxy/

We're so excited to announce you the Opening of our Headquarters at 742/1/1, Galle Road, Kalutara (https://maps.google.lk/maps?cid=3447241292302329324).

562649_591088644244049_1107576017_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ