Sunday, April 7, 2013

එළවලු ලාභායී.- ලාංකාවේ එළවලු මිල දැනගත හැකි ඇප් එකක්


 
අද කාලේ එළවලු මිලදී ගැනීමට ගියාම මිල ගණන් වල ප්‍රශ්න බොහෝ අයට පැන නගිනවා. ගිය සතියේ තිබුණු ගනන් නෙවේ අද තියෙන්නේ. ඉතින් වෙළද පොලට යන්ඩ කලින් එළවලු මිල ගනන් දැනගෙන ගියාම ලේසියිනේ. ඒ සදහා නිර්මාණය වුණු ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ගැන කියන්නයි මේ සූදානම. මෙහි නම
Yield Price Sri Lanka. මෙය නිර්මාණය කර තිබෙන්නේ Chandana Napagoda යන නිර්මාණකරු විසින්.


කොළඹ මැනින් වෙලදපොලේ මිල ගනන් අනුව මෙහි මිල දර්ශකය අලුත් කරනු ලබයි. එමනිසා අලුතෙන් මිල ගනන් වෙනස් උනහම ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරන්ඩ ඕනෙත් නැ. සිංහල දෙමල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම විස්තර තියන නිසා ලංකාවේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් මේක.

මේ ඇප්ලිකේෂන් එක එන්නේ සැකසුම් දෙකක් විදියට, ඇන්ඩ්‍රොයිඩ් 4.0+ සහ ඊට පෙර මෙහෙයුම් පද්ධතියන් සදහා වෙනම වෙනම. ඔබගේ මෙහෙයුම් පද්ධතිය කුමක් උනත් ඔබට පහසුවෙන් වැඩ කළ හැකි app එකක් නිර්මාණය කරලා තියෙනවා.
 ඇප්ලිකේෂන් එකේ වම් ඉහල කෙළවරේ දෙවැනියට ඇති භාෂාව මාරු කරන බොත්තම ඔබා සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්න පුළුවන්.තවද ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න සිංහල හෝ දෙමල fonts ස්ථාපනය කර තිබීම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ස්ථාපිත කරගන්න : මෙතනින්
නිර්මාණකරුගේ අමතර ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ලබාගැනීමට මෙතනින්

ස්තූතිය /උපුටා ගෑනීම - http://www.droidslk.com





App Screenshots

       


Yield Price Sri Lanka

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ