Monday, April 15, 2013

නුගේගොඩ සුපර්මාර්කට් එක කඩා තට්ටු 36 ක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම ඇරඹෙයි


නුගේගොඩ සුපර්මාර්කට් එක කඩා තට්ටු 36 ක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම ඇරඹෙයි


දිගු කලෙක පටන් පාරිභෝගිකයින් අතර ප්‍රකට ස්ථානයක්වූ නුගේගොඩ සුපර් මාර්කට් එක එළිමහන් ර`ගහල ඇතුළු ගොඩනැගිලි කඩා ඉවත් කර ඒ වෙනුවට සිංගප්පූරු සමාගමක් මගින් නවීන පහසුකම් වලින් යුත් තට්ටු 36 ක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ වැඩ ඊයේ ආරම්භ වුණා.

මෙම ඉදිකිරීම සිදු කරන්නට යන්නේ වෙළඳ සල් ජාලයක් ළමා උද්‍යානයක් චිත්‍රපට ශාලාවක් පිහිනුම් තටාකයක් වාහන අංගනයක් 
ඇතුළු පහසුකම් ගණනාවක් සහිතවයි.


මෙම නව ඉදිකිරීම නිසා දැනට සුපර්මාර්කට්ටුවේ පවත්වා යන වෙළෙඳ සැල් වලට ඉදිරියේදී අලූත් ඉඩ ප්‍රස්ථා ලැඛෙන අතර ඔවුන්ට වන්දි ගෙවා දැනට තිඛෙන වෙළෙඳසල් එම ස්ථාන වලින් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. කඩිනමින් නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සඳහා වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බව වාර්තා වනවා. ඒ අනුව 2016 වසරේදි නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.




0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ