Tuesday, March 19, 2013

ශ්‍රී ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායම බිහිවෙයි


තාක්ෂනයේ දියුණුවත් සමග ඇපල් සමාගම මගින් හදුන්වා දුන් අයි පෑඩ් උපාංගය දැන් භාවිතා වන්නේ එදිනෙදා කටයුතු කරගැනීමට ම පමණක් නොවේ. 

සංගීත භාණ්ඩ කිසිවක් යොදා නොගනිමින් අයි පෑඩ් උපාංගයේ වැඩසටහනක් (Application) මගින් සම්පුර්ණ සංගීත කණ්ඩායමක නාද රටා මැවීම මගින් ගීත නර්මාණය කිරීම විදෙස් රටවල පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත්විය. 

මෙය ලංකාවට අලුත් අත්දැකීමක් වුවත් තවදුරටත් එසේ නොවේ. මන්ද ශ්‍රී ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායමද බිහිවී ඇති බැවිනි.

ගාල්ල රිච්මන්ඩ විද්‍යාලයේ ඉගෙනගන්නා පවුල් දෙකක නිවුන් සොහොයුරන් විසින් ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායම ආරම්භකොට ඇත. ඔවුන් මේවනවිට උසස්පෙළ හාදාරන අතර 2014 වසරේදී උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිතයි. 



තිලංක සංජුන, විහඟ සංජුන , හේෂාන් කෝසල, දේශාන් කෝසල, යන නිවුන් සොහොයුරන් විසින් ආරම්භකර ඇති මෙම සංගීත කණ්ඩායමට පාසලේ විදුහල්පතිවරයාගේ හා තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගිතාවය ලැබී ඇත.

ඇයි පෑඩ් මගින් සංගීතය සපයන එවන් සංගීත කණ්ඩායම වීඩියෝවක් පහතින් බලන්න


උපුටා ගෑනීම -  exgossip

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ