Tuesday, March 19, 2013

ලංකාවට ආවේණික නවතම ගෙම්බන් විශේෂ අටක්‌ සොයාගනී



Blue-Poison-Dart-Frog2ලංකාවට ආවේණික නවතම ගෙම්බන් විශේෂ අටක්‌ සොයා ගත් බව ප්‍රවීණ සත්ත්වවේදී මෙන්ඩිස්‌ වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී පාද ලෝක උරුම වනාන්තරය තුළ දිගු කලක සිට කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස මෙලෙස එකවර ශ්‍රී ලංකාවට ආවේණික ගෙම්බන් වැඩි ප්‍රමාණයක්‌ හඳුනා ගන්නට ලැබීම විද්‍යා ලෝකයේ ජයග්‍රහණ යක්‌ බවයි ඔහු පවසන්නේ.

මෙම ගෙම්බන් විශේෂ අට Journal of THREATENED TAXA විද්‍යා ජර්නලයේ 2013 මාර්තු කලාපයේ (Vol 05 - No - 4 -pages 3789 - 3920) පළකර ඇත. එම ලිපියට මෙතනින්.


මෙම ගෙම්බන් අටදෙනාම ප්සියුඩොපිලෝටස්‌ -Pseudophilatus ගණයට ඇතුළත් කර ඇත.

මෙම ගෙම්බන් අටදෙනා නම්කර ඇත්තේ
පුරන්අප්පුගේ පඳුරු මැඩියා (p. puranappu),
දයාවංශගේ පඳුරු මැඩියා (p. dayawansai)
සමරකෝන්ගේ පඳුරු මැඩියා (p. samarakoon)
නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා (p. newtonjayawardanei)
සිරිල් විඡේසුන්දරගේ පඳුරු මැඩියා (p. sirilwijesundarai)
බඹරදෙණියගේ පඳුරු මැඩියා (p. bambaradeniyai)
ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා (p. jagathgunawardanai)
කරුණාරත්නගේ පඳුරු මැඩියා (p. karunarathna) ලෙසය.
(p= Pseudophilatus)

මෙම පරීක්‍ෂණ සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, ජපානයේ නගාඕ පරිසර පදනම හා ඩිල්මා කන්සර්වේෂන් ආයතනය මූල්‍යාධාර පිරිනමා ඇති අතර පර්යේෂණ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා උරග සහ උභයජීවී පදනම විසිනි.


jagath-+Exgossip
ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා (p. jagathgunawardanai) 

dayawansa-+Exgossip
දයාවංශගේ පඳුරු මැඩියා (p. dayawansai) 

Bambaradeniya-+Exgossip
බඹරදෙණියගේ පඳුරු මැඩියා (p. bambaradeniyai)

karunarathna-+Exgossip
කරුණාරත්නගේ පඳුරු මැඩියා (p. karunarathna)

samarakoon-+Exgossip
සමරකෝන්ගේ පඳුරු මැඩියා (p. samarakoon)

puran+appu-+Exgossip
පුරන්අප්පුගේ පඳුරු මැඩියා (p. puranappu)

newton-+Exgossip
නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා (p. newtonjayawardanei) 

siril-+Exgossip
සිරිල් විඡේසුන්දරගේ පඳුරු මැඩියා (p. sirilwijesundarai)
උපුටා ගෑනීම -  01

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ