Wednesday, March 25, 2015

ගෙදර ඉදන් බැංකුවට සල්ලි දාන ක්‍රමයක් අපේ දක්ෂයෙක්ගෙන් - දුරස්ථ මුදල් තැන්පතු ක‍්‍රමය

බැංකුවල මූලික අවශ්‍යතාවය වන්නේල මුදල් තැන්පතු ලබා ගැනීමයි. එහෙත් තැන්පත් කරුවන් තැන්පත් නොකරන්නේ නම් එ් සඳහා හේතු සොයා බලා එයට විසඳුම් දිය යුතුයි.

දැනට මා සමීක්ෂණය කළ ආකාරයට ප‍්‍රධාන හේතු ලෙස පහත අයුරින් දැක්විය හැකිය.


 බැංකු විවෘතව තබන පැය ගනන සීමා වීම
 බැංකුවට නිවසේ සිට ඇති අධික දුර ප‍්‍රමාණය
 බැංකුවට යාමට එ්මට පැය ගනනක් ඇවසි වීම
 ගමන් වියදම් දැරීමට සිදුවීම
 පෝලිම්වල සිටීමට සිදු වීම

එසේම ලංකාවේ සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවය කරන කිසිම පුද්ගලයෙකුට තමාගේ පෞද්ගලිකත්වය රැුකගෙන කෙටි නිවාඩුල නිවාඩුල නෙදමා මුදල් තැන්පත් කළ නොහැකිය.

මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේල තම අත ඇති මුදල එවෙලේම තැන්පත් කිරීමටයි. එහෙත් මේ තරම් අපහසුතා මැද එය කිරීමට ඔවුහු මැලි වෙති. ළමා ඉතුරුම්ල වනිතා ඉතුරුම්ල ආදිය සිදු කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේල රු: 200/- 500/- වැනි මුදලින්යග එවැන්නක් දවසට කිහිප වතාවක් සිදුවිය හැකියග එහෙත් ඔවුනට විටින් විට බැංකු කරා යා නොහැකග එම නිසා එම මුදල් නිවස තුළ සඟවා එකතුකර ගනීග එහෙත් ගෘහස්ථ මූල්‍ය අවශ්‍යතාවයක් වූ විටල විකල්ප නොසොයාල එම එකතු කළ මුදලින් කොටසක් ගනීග එවිට තැන්පත් කිරීම අඩපණ වේග එය බැංකු වලටදල තැන්පත් කරුවනටදල දැඩි අවාසියකිග

මේ සඳහා බැංකුවටත්ල තැන්පත් කරුවන්ටත් ලේසිල ලාභල ක‍්‍රමවේදයක් වශයෙන් පහත ක‍්‍රමය මම හඳුන්වා දීමට කැමැත්තෙමි.

”බැංකුව විසින් නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන එක් එක් අගයන්ගෙන් යුත් සූරන කාඞ්පත් වෙළඳ සලකින් මිළ දී ගෙනල එහි රහස් අංකය කෙටි පණිවිඩ ක‍්‍රමය මගින් බැංකුව වෙත යැවීමයි” එමගින් තමන්ට අයත් බැංකු ගිණුම යාවත්කාල වේග එසැනින් කෙටි පණිවිඩය යැවූ දුරකථනයට සාර්ථක බව දන්වා පිළිතුරක්ද ලැබේ.

මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට තැන්පත් කරුවනට කිසිම අපහසුවක් නැතග එසේම බැංකුවටද විශාල ලෙස වක‍්‍ර පිරිවැයක් කපා හැරිය හැකියග මෙසේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේදය තුළ පහත සඳහන් වාසි ගණුදෙනුකරුවන්ට සහ බැංකුවට ලැබෙන බව කැටි කර මෙසේ දැක්විය හැකිය. 


  • සුළු මුදලක් වුවද බැංකුව තුළ තැන්පත් කිරීමට හැකි වීම. 
  • ගමන් වියදම් අවම කර ගැනීමට හැකි වීම. 
  • කාළය ඉතිරි කර ගැනීමට හැකි වීම. 
  • දවසේ පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීමට හැකි වීම. 
  • වසරේ  ඕනෑම දිනකදී මුදල් තැන්පත් කිරීමට හැකි වීම. 
  • බැංකුවේ මුදල් නැති රැුයක දුරකථන බිලක් ගෙවා ගැනීමට අවශ්‍ය වූ විට මෙමගින් මුදල් දමා බිල ගෙවිය හැකියි. 
  • පෝරම පිරවීමට අවශ්‍ය නොවීම. 
  • බැංකුවේ තදබදය අඩුවීම.
  • ආරක්ෂක කටයුතු වලට පහසු වීම.
  •  ලිපි ද්‍රව්‍ය සඳහා යන වියදම අවම වීම.
  • ව්‍යාජ මුදල් පැමිධෑමේ අවදානම අඩු වීම. 
  • ආරක්ෂිතව මුදල් ප‍්‍රවාහනය සඳහා යන පිරිවැය අවම වීම. 
  • සේවක සේවිකාවන්ගේ කාර්ය බහුලත්වය අවම වීම. 
  • බැංකුවේ සංවර්ධනය සඳහා යොදා ගත හැකි ශ‍්‍රමය වැඩි වීම.
  •  වැඩි කලක් රඳා පවතින මුදල් විශාල ලෙස බැංකුවට ලැබීම. 
  • දැනට තැන්පත් ලෙස නොලැබී යන මුදල් තැන්පතු ලෙස ලැබීම.
  •  බැංකුවේ සේවක සෙවිකාවන් සඳහා ගෙවනු ලබන අතිකාල අවම වීම. 
  • බැංකු අවම සේවක සංඛ්‍යාවකින් පවත්වාගෙන යාමට හැකි වීම. 
  • බැංකු ශාඛා ව්‍යාප්ත කිරීම අවම කිරීමට හැකි වීම. 
  • බැංකුවක තැන්පතු ශේෂය ඉහල යාම.

Tuesday, March 24, 2015

දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකා විද්‍යාඥයන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන වකුගඩු රෝගයට හේතු වන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය නොව සිරුරේ ජලය අඩු වීමෙන් ඇතිවන විජලන තත්වය බවට ගොඩ නගන ලද මතයක් පරාජය කිරීමට දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පැවති ලෝක වකුගඩු රෝග කොන්ග්‍රසයේ දී ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සමත්ව තිබේ.

මධ්‍යම ඇමරිකානු කලාපයේ ප්‍රමුඛ වගාව සහ ව්‍යාපාරය වන උක් සීනි වගා කරන ගොවීන් 50,000 ක් පමණ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වකුගඩු රෝගයට සමාන රෝගයකින් මිය ගොස් ඇත. එහි උක් සීනි කර්මාන්තයේ නියුතු ප්‍රධාන සමාගම් 2 ක මුල්‍ය ආධාර මත ක්‍රියාකරන පර්යේෂකයන් පිරිසක් මෙම අදහස ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට ද හේතුව විජලනය බව ඔවුහු කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත් තම පර්යේෂණ දත්ත යොදාගෙන ශ්‍රී ලංකික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ මෙම රෝගය 1990 දශකයේ ඇති වීම, භූ ගොලීය ව්‍යාප්තිය, ගොවි ජනතාව අතර පමණක් දක්නට ලැබීම මෙන්ම රෝගීන්ගේ රුධිරයේ සහ මුත්‍රාවල දක්නට ලැබෙන වෙනස්කම් කිසිවක් විජලනය හේතුවෙන් ඇති වූ බව කිසිසේත් පැහැදිලි කල නොහැකි බවයි.

මෙහි දී කරුණු දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රශ්න කර ඇත්තේ හේතුව විජලනය නම් අනුරාධපුරයටත් වඩා උෂ්ණත්වය ඉහල එහෙත් ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා කෘෂි රසායන භාවිතා නොකළ මන්නාරමේ සහ යාපනයේ මෙන්ම ආර්ථික සම්බාධක නිසා කෘෂි රසායන භාවිතා නොකළ මධ්‍යම ඇමරිකාවේ අනෙකුත් රටවලට සමාන දේශගුණ තත්ත්ව ඇති උක් සීනි වගාව සිදු කරන කියුබාවේ මෙවන් වකුගඩු රෝගයක් නැති වීමට හේතුව කුමක් ද යන්නයි.

සැසිවාරය අවසානයේ දී බහුතර විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ විජලනය යනු විෂ ද්‍රව්‍ය මගින් වකුගඩුවලට සිදු වන හානිය උග්‍ර කරවන සාධකයක් මිස රෝග නිධානය නොවන බවයි. රටවල් 135 ක විද්‍යාඥයයෝ සහ වෛද්‍යවරු 1900ක් ලෝක වකුගඩු රෝග කොන්ග්‍රසයට සහභාගී වූහ.

උපුටා ගැනීම - https://lankacnews.com/sinhala/news/129667/

Thursday, March 19, 2015

මානව පරිනාමයේ විශ්මිත සොයා ගැනීමක් ලංකාවෙන්

Article courtesy : Lankadeepa.lk

ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයන්ගේ අවශේෂ අතර තිබී හමුවූ දත් පිළිබඳ කරණ ලද පර්යේෂණකින් ලොව මානව පරිනාමය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි හමුවී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාඥයන් නොසිතූ ආකාරයෙන් අතීත ප්‍රාග් ඓතිහාසික මානවයන් ආහාර සුලබව නොමැති නිවර්තන තෙත් වර්ෂා වනාන්තර මධ්‍යයේ ද ඉතා දුෂ්කර ලෙස වුව ද ජීවත්වී ඇති බව ශ්‍රී ලංකාවෙන් ලැබුණු මානව සාධක අනුව තහවුරු වන බවයි.

ඔවුන් සිදුකළ පර්යේෂණය 2015 මාර්තු මස 15 දා නිකුත් කළ ජාත්‍යන්තර සයන්ස් සඟරාවේ ප්‍රකාශයට පත්කැර ඇත. මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය පෙට්‍රික් රොබට්ස්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා නිලධාරි ඔෂාන් වෙදගේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විශ්ලේෂක ජූඩ්පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂක සමන් ඇරාගම, ආචාර්ය ඇන්ඩෘ ග්ලෙදිල්, ආචාර්ය මයිකල් ඩී පෙට්‍රග්ලියා, ආචාර්ය ජූලියා ඒ ලී තෝප් න කණ්ඩායම විසිනි.
1982 වර්ෂයේ කුරුවිට බටදොඹ ලෙනෙන් සොයාගත් මානව දතක් විශ්ලේෂණයට ලක්කරමින් එනැමලය සම්බන්ධයෙන් කරණ ලද ගැඹුරු පර්යේෂණයක් මේ සඳහා පාදක කරගෙන තිබේ. එමෙන් ම ශ්‍රී ලංකවේ තෙත් කලාපයේ පිහිටි ගල්ලෙන් කැණීම්වල දී හමුවූ අනිකුත් මානව අවශේෂ සහ ඔවුන් ආහාරයට ගත් සතුන්ගේ අවශේෂ සම්බන්ධයෙන් කරණ ලද පර්යේෂණ ද මේ වාර්තාවට උපයෝගී කැරගෙන ඇත.  
පර්යේෂකයන් පවසන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා තම පරිනාමයේ දී සවානා තෘණ භූමි, වියළි කලාපීය වනාන්තර හා වෙරළ ආශ්‍රිත පරිසරයන්හි ජීවත් වූවායැයි තිබූ මතය ශ්‍රී ලංකාවෙන් කරණ ලද සොයාගැනීම අනුව බිඳවැටෙන බව පර්යේෂකයෝ කියති.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කිවේය.
‘‘කුරුවිට බටදොඹ ලෙන, හොරණ පාහියන් ලෙන, බලංගොඩ කූරගල ලෙන, කිතුල්ගල බෙලි ලෙන වැනි ලෙන්වලින් ලැබුණු  මානව දත් සහ සත්ත්ව අවශේෂ මෙහිදී විශේෂයෙන් පර්යේෂණයට ලක් කළා. ඒවායින් සොයාගත් ඉතා වැදගත් කරුණු රැසක් නව පර්යේෂණ වාර්තාවෙන් අපි ඉදිරිපත් කරණවා. එහිදී අපි මෙම කරුණු විශ්ලේෂණය කළා. ලොව අවසාන හිම යුගය හෙවත් ප්ලයිස්ටොසීන යුගයේ සිට හොලෝසීන යුගය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සාධක හමුවනවා. මේවා අතර ඇති මානව හා සත්ත්ව අවශේෂවල ස්ථායී කාබන් හා ඔක්සිජන් සමස්ථානිකවල විශ්ලේෂණයක් සිදු කළා. එය දීර්ඝ කාලයක් ගතවන පර්යෙෂණයක්. 1982 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා කැණීම් වලින් හමුවූ සාධක මේ සඳහා යොදා ගත්තා. “
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකවේ සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා මූළික වශයෙන් වැසි වනාන්තර මධ්‍යෙය් ජීවත් වී ඇති බවයි. බට දොඹ ලෙනේ මානව සාධක වසර 37,000ක් තරම් පැරණි අතීතයකට අයත් වුව ද පර්යේෂණයට ලක්කළ මානව දත හමුවී ඇත්තේ වසර 20,000 ක් පැරණි පස් තට්ටුවකිනි. කාබන් කාලනිර්ණය අනුව එම මානවයා අදින් වසර 20,000ට පෙර ජීවත් වූ මානවයකු බව තහවුරු කිරීමට හැකිවූ බව ද ආචාර්ය පෙරේරා මහතා පවසයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වැසි වනාන්තරවල ආදි මානවයන් ඉතා දුෂ්කර දිවියක් ගත කරන්නට ඇති බවයි. එවැනි වනාන්තරයක ඔවුන්ගේ යැපීම් ධාරිතාව ඉතා අඩු අගයක් ගන්නා බව ද ඔවුහු කියති. පැතිරුණු ඝන යටි රෝපණයත් ශක්තිමත් උඩු වියනත් හේතුවෙන් මෙවැනි වනාන්තරවල දක්නට ලැබෙන්නේ කුඩා සතුන් වීම ආහාර සොයා යාමේ දී ඔවුන්ට ගැටළුවක් වන්නට ඇති බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. මී මින්නන්, වල් ඌරන්, ඉත්තෑවුන්, හාවුන්, දඬු ලේනන්, වඳුරන් වැනි සතුන් දඩයම් කිරීමට වැය කිරීමට සිදුවන ශක්තිය හා ඔවුන්ගෙන් ගත හැකි ආහාර ප්‍රමාණය සැළකූ විට යැපීම් ධාරිතාව ඉතා අඩු අගයක් ගන්නා බව පුරාවිද්‍යාණයන්ගේ මතයයි.   
මෙම සොයාගැනීම සිදුකරණ තුරු පුරාවිද්‍යාඥයන්ගේ මතය වූයේ තෙත් කලාපීය ලෙන් ආශ්‍රිතව මානවයා ජීවත් වුව ද ඔවුන් තම ආහාර අවශ්‍යතා සඳහා වියළි කලාපයට සංක්‍රමණය වීම හෝ ආහාර හුවමාරුව කරන්නට ඇති බවයි.  එම මතයත් සැවානා තෘණ බිම් හා වියළි වනාන්තරයන්හි ආහාර බහුල හා විශාල සතුන් දඩයම් කළ හැකි ප්‍රදේශවල ආදි මානව ජනාවාස පැතිරී තිබූ බවට පෙර තිබූ මතයත් ශ්‍රී ලංකාවේ මානව දත් පදනම් කරගනිමින් කරණ ලද නව පර්යේෂණය අනුව අභියෝගයට ලක්වේ.
teeth - Copy teeth 2 teeth 3  teeth 5
teeth 4

Tuesday, March 17, 2015

"අපි වෙනුවෙන් අපි" api wenuwen api by Iraj lyrics sinhala

"අපි වෙනුවෙන් අපි" එහෙම කියපු කාලයකුත් තිබුන මතකද ? - Api Wenuwen Api song අපි වෙනුවෙන් අපි , by Iraj (SRI LANKA FORCES)

අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් අත පය ඇස් මස් ලේ විතරක් නෙවෙයි අපි මේ තරම් පරිස්සම් කරන පන ටිකත් දන් දුන්නු ඒ උතුම් රණවිරුවන් වෙනුවෙන් අපි කැපවුණු යුගයක් තිබුනා මතකද ? ඒ රණවිරුවන් වෙනුවෙන් ජය ගී ගයපු හන්දියක් හන්දියක් ගානේ කිරිබත් උයපු ප්‍රීති ගෝෂා නගපු ලයිට් කණුවක් කණුවක් ගානේ රණවිරුවන්ට ස්තුති කරලා බැනර් දාපු ඒ අතීතය මතකද ?

කෙලෙහිගුණ දන්නා උතුම් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි කිසි විටෙකත් ඒ ජාතික විරුවන් හදවතින් අමතක නොකරයුතුයි. ඒ වගේම රණවිරුවන්ව දන්ගෙඩියට යවන්න හදනා මෙවැනි යුගයක ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න අපි ඔබ සියලු දෙනාම කටයුතු කල යුතුම කාලයක් පැමිණ ඇති බව අපි වටහා ගත යුතුයි.ඔවුන් වෙනුවෙන් හඬ නැගීම ඔවුන් අප වෙනුවෙන් කල පරිත්‍යාගය මෙන් දසමයක තරම් වත් නොවුනත් අපි මේ මොහොතේ නිහඩව සිටියොත් එය අපි මේ රටට කරනා ලොකුම හතුරුකම බවට පත් වේවි .

එහෙම නොවුනොත් අපි සත්‍ය බවට පත්කරන්නේ ,සමහරුන් කිව් පරිදි "ප්‍රබාකරන් මහතා " නම් කුරිරු ත්‍රස්තවාදියා සිංහලයන් ගැන කියූ ප්‍රසිද්ධ වාක්‍යයයි ....

අපි ඉන්නම්.... ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරනේ.... ඔබයි අපේ දෙය්යෝ

අවියක් අතට ගනු බැරි...
සවියක් වන්න පලදිමි
රන බිම දසතින් ....දිනා දෙන්නේ ඔබ තමා //

අපි ඉන්නම් ....ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් .....දෙරනේ ඔබයි අපේ දෙය්යෝ
ඔබ වෙනුවෙන්..... අපි විතරක් නම් නෙමෙයි
රන් කොතක් මෙන් දෙරනේ.... දිලෙයි මගෙ දෙය්යෝ

දහසක් පහන් දැල්වුනා... 
සහසක් දෑත් එසවුනා
නව අරුනැල්ලේ... පිබිදෙන්නේ ඔබ තමා //

මේ අත්වැල... සැම අත දිලිසේවා
වීරිය ඇති සිත... ඇත් පවුරක් වේවා //






Wednesday, March 11, 2015

ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාවට මොරටු සරසවියෙන් උපාංගයක්

රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන ‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති පද්ධතියක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පැවසුවාය.


මෙම පද්ධතිය හේතුවෙන් එක ස්ථානයක සිට හටගන්නා දෝෂය හා එයට හේතුව හඳුනා ගැනීමට පිළිවන. එවිට ඒ සඳහා අප්‍රමාදව වහාම අවශ්‍ය පියවර ගැනීමට අදාළ බලධාරීන්ට හැකිවෙයි.
මෙම පද්ධතිය ජංගම දුරකථනයට ආදේශ කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට මේ දිනවල පර්යේෂණ සිදුවෙමින් පවතී.

මේ අනුව විදුලිය සංදේශ අංශය යටතේ ඩයලොග් ජාලයේ ඇතිවන යම් සුළු හෝ ගැටළුවක් එසැණින් නිරාකරණය කරදීමට මෙම පද්ධතිය නිසා හැකියාව ලැබී ඇත.මෘදුකාංගයක් සහ දෘඩාංගයක් සහිතව මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.මෙවන් නිර්මාණයක් ශ්‍රී ලංකාවේ බිහිකළ ප්‍රථම අවස්තාව මෙයයි. මෙම උපාංගය පිළිබඳව සෙසු දුරකථන සමාගම්වලට හෝ ආයතනවලට දැන ගැනීමට අවැසිනම් මොරටුව විශ්ව විද්‍යාලයේ 2650634 දුරකථන අංකයෙන් විමසිය හැකිය.

මෙම නිර්මාණය බිහිකළේ මොරටුව විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබෙන ඩයලොග් පර්යේෂණ ආයතනයයි. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදුන්නේ ඩයලොග් ආයතනයයි.
මෙවන් පද්ධතියක් ආනයනය කළේ නම් ඩොලර් මිලියන ගණනක් වැය කළ යුතුය. ඊට අමතරව නඩත්තුව වෙනුවෙන්ද ඩොලර් ලක්ෂ ගණනින් වැය කළ යුතුය.

මොරටුව විශ්ව විද්‍යාලය දැරිය හැකි සාධාරණ මුදලකට මෙම පද්ධතිය නිර්මාණය කර දීමට සැදී පැහැදී සිටී.
ඩයලොග් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරිය ලෙස ක්‍රියාකරන මහාචාර්ය දිලීකා ඩයස් මහත්මියගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ලංකා විජේසිංහ, රත්න ප්‍රසාද් , පර්යේෂණ ඉංජිනේරුවරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය බිහිකිරීමට දායක වූහ.

උපුටා ගැනීම - ලංකාදීප 



ඇස්ගෙඩි දෙකේ ආරක්ෂාවට දියතරිප්පු කණ්නාඩි කුට්ටමක් දමන්න

වාරියපොල සුමංගල හිමි ගුණ සමරුවට කන්දට යන අතරමග පිළිමතලාවෙන් ගඩලාදෙනිය පාරට හරවල කහඹෙට ගියේ මිත්‍රයෙක් මුණ ගැහෙන්ට. ගුණසෝම....රජ කාලෙ ඉදන් පරම්පරාවෙන් දියතරිප්පු වලින් ඇස් කණ්නාඩි, චූඩා මානික්‍ය හදන පරපුරක නූතන පුරුක. යද්දී සුපුරුදු විදිහට එතුමා සිළුමිණක...ඒ කිව්වේ චූඩා මානික්‍යයක අවසාන ඔප දැමීම් කරනව. තවමත් කපරාරුවවත් කරගෙන වැඩ නිමකර ගන්න බැරිවුණ ගඩොල් බිත්ති හතර මැද වාඩි ගෙන. මාත් ලගින් ඈදි ගත්ත. ඒ යන්ත්‍ර සියල්ල පාරම්පරික දේවල්...බොලල්ලා මේ සිංහල විද්‍යාව...සිංහල තාක්ෂණය. අපි සුද්දගෙ නැට්ටෙ එල්ලිලා පම්පෝරි ගහනව...හිංගල විද්‍යාඥයො අරෙහෙ මකබෑ වෙනව..මකබෑ වෙන්න ඕනැන්නෙ සුද්දගෙ පඩත්තර විද්‍යාව ඔලුව උඩ වඩම්මන හැත්ත.


දියතරිප්පු ගේන්න ගුණසෝම හැතැප්ම සිය ගණනක් යන්න ඕන. ගෙනැත් වූඩා මානික්‍යයක වැඩ අවසන් කරන්න සෑහෙන කාලයක් යනව. “ඉස්සර චූඩා මාණික්‍ය කැපුවේ සිව් බුදුවරුන්ට පට්ටම් හතරයි, හතරවරම් දෙවියන්ට පට්ටම් හතරයි තියල අට පට්ටමට....නමුත් දැන් ඇත්තෝ ඉල්ලන්නේ වැඩි පට්ටම් ගණනකින්...ලස්සනට මිසක් සම්ප්‍රදායට නොවෙයි“ මිත්‍රයා එහෙම කියද්දී රටේ අකුණු අනතුරු වැඩි ඒ නිසාද කියලත් මට හිතුන. මොකද අකුණු නිවාරණයට හා නියාමනයට චෛත්‍ය රාජයානන් වහන්සේලාගේ බලපෑමක් තියනව කියල අහල තිවුන නිසා. 

නූතන ආර්ථික ප්‍රවණතා එක්ක ගුණසෝම වගේ තවත් සිංහල තාක්ෂණවේදීන් විතරක් නොවෙයි..සියලු සිංහල මහා ශිල්ප කුළ සුනුවිසුනු වුනා..තවමත් වෙනව. සිළුමිණි වලට අමතරව ගුණසෛා්ම ඇස් කණ්නාඩි හදනව...ඒත් එ් දොස්තර මහත්තැන්ලගෙ විධිවිධාන අනුව නොවෙයි...තිස් ඇදිරියට..හතළිස් ඇදිරියට එහෙම. දියතරිප්පු චූඩා මාණික්‍යයක් අතට ගත්තම මේ ගිණි මද්දහනෙත් හිම කැටයක් වගේ හීතලයි නෙව. කණ්නඩි කුට්ටමක් පැළදලා බැලුවම ඒ සිසිලස එහෙමම ඇහැට දැනෙනවා...දැන් ඉතිං හුගක් පිරිසක් පරිගණක පාවිච්චි කරන නිසා, පොත පත කියවන නිසා...ඇස් ආබාධයක් නොතිබුනත් නරකද ඇස්ගෙඩි දෙකේ ආරක්ෂාවට දියතරිප්පු කණ්නාඩි කුට්ටමක් දැම්මොත්? කන්ද පැත්තෙ යද්දී ගොඩ වෙලා යන්නත් පුළුවං..නැත්තං 077-0255693/081-4983021 අංක වලට ඇමතුමක් ඇන්න බලනව හොදයි.

උපුටා ගැනීම - Chamila Liyanage ගෙනි 







ලංකාවේ බිහිවන විශිෂ්ටතම සිනමා කෘතිය - වළගම්බා මහා නිරිදු පුවත "ආලෝකෝ උදපාදී"

ආදරණීය සිංහලුනි, බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ගාමිණී අභිය මහප්පාට පසු වට්ටගාමිණී අභය පුතණුවන් පැමිණෙමින් සිටී. බොලව්... අප මේ ගෙවන්නේ මාතෘ භූමියේ අදුරු පරිච්ඡේදයේ අවසානය බවම යැයි සිතේ...ඒ ආලෝකය උපදින බව ‘ආලෝකෝ උදපාදි‘ කියන්නට සැරසෙන අපූරුව බලව්!

මේ වෘතාන්තයන් හුදෙක් සිනමා පටි සේම කාලයටත් අවකාශයටත් මුදාහැරීමට ඉඩ හැරීම අපරාධයක්ම වන්නේය...වෙනත් ප්‍රස්තුත තිබියදී, වෙනත් කථා නිමිති තිබියදී සිනමාකරුවන් මේ නිමිතිම තොරා ගැනීම අපට හඩගා කියන්නේ කුමක්දැයි සිතවු. අපට නුඹලාට මෙතෙක් මුණ නොගැසුනු අප තුළ සිටින සිංහලයාට එළියට එන්නට ඉඩ දෙවු...මේ බුරුතු පිටින් හැබෑ සිංහලුන්, දස මහ යෝධයින්...අවැසිම යුගයක් බව කිව යුතුද?

මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ තෙගුණ වු තවත් කාරණයක් විය.තවමත් නාඹර තරුණයෙකු වු චත්‍ර වීරමන්ගේ කුළුදුල් සිනමා පටයේ පුර්වප්‍රචාරක පටය දැකීමයි.බාල ඝනයේ ඓතිහාසික සිනමාපට පසෙකලා ඔහු තැණු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.වරක් ඔබ එය නරඹන්න..ඔබටත් මට දැණුනු දේ දැනේවී

උපුටා ගැනීම - http://cinema.lk/aloko-udapadi-official-trailer-2015/







Copyright © 2014 ගන්න දේශීය දේ