Wednesday, March 26, 2014

පරිසර හිතකාමී ගොවිතැනට යොමු වූ කල්පිටියේ ගොවියෝ

ada3
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කල්පිටිය අර්ධද්වීපය මහ සයුරිනුත් කලපුවෙනුත් වට වී තිබේ. දිගින් කිලෝමීටර හතළිහකින් සහ පළලින් කිලෝමීටර දෙකකින් යුතු මෙම අපූරු අර්ධද්වීපය නිර්මාණය වී ඇත්තේ අවසාධිත හුණු ගල් තට්ටුවක් මත රෙගසෝල්ට් මිශ්‍ර වැලි තැන්පත්වීමෙනි. මෙහි ජල මට්ටම, පොළොවේ සිට මීටරයකට නුදුරින් පිහිටා ඇත. වසර පුරාම දැඩි හිරු කිරණින් යුතු දේශගුණයක් පවතින කල්පිටියේ වැලි පොළොවට අවශ්‍ය සාධක සැපයූ විට නොවැඩෙන බෝගයක් නොමැත.
උඩ පහත දෙරටේම එළවළු, පලතුරු, රතු ලූනු, දුම්කොළ මෙහි ඉතා සරුසාරව වැඩෙයි. සොබාදම් දිනිතියගේ ආශිර්වාදයෙන් එසේ ඔප් නැංවුණද මෙම වගාවන් සඳහා යොදන රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයද අනතුරුදායක අයුරින් ඉහළ ගොස් තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයෙන් අපගමනය වෙමින් පරිසර හිතකාමී ගොවිපොළ සංවර්ධනයට යොමුවීමේ ප්‍රවණතාවක්ද කල්පිටිය අර්ධද්වීපයේ දිස්වෙමින් පවතියි.


ada1

 අයිරාංගනී මහත්මිය

අපි මහා පරිමාණ වශයෙන් රසායනික පොහොර භාවිත කරලා ගොවිතැන් කළා. ලාභ වුණොත් හොඳට ලාභයි. පාඩු වුණොත් ඉතින් පාඩුම තමයි. ගොවිපොළට ලොකු මුදලක් වැය කළා. පොහොරවලට තමයි වැඩි මුදලක් ගියේ.  මහා පරිමාණ අක්කර කිහිපයක ගොවිතැනකින් තරම් ලාභ නැතිවුණාට හොඳ ලාභයක් ලබන්න පුළුවන්. ගෙදර කෑමට වස විස නැති එළවළුබෝග  ලැබෙනවනෙ"


හුසේන් මහතා 

අපිට තිබෙන්නෙ සීමිත ඉඩකඩක්. ගෙදර කෑමට හිතලා තමයි ගොවිතැනට යොමුවුණේ. දැන් අපේ එකම ආදායම මේ ගෙවත්ත තමයි. හුඟක් දුර බැහැර ඉඳලා වගේම රසායනික පොහොර භාවිත කරන අය පවා අපේ ගෙවත්තෙන් එළවළු මිලට ගන්න එනවා"


  
වැඩසටහන් පහසුකාරක රෝහාන් ප්‍රනාන්දු මහතා

කල්පිටියේ ගොවියා අසීමිත ලෙස රසායනික පොහොර භාවිතයට නැඹුරු වී සිටිනවා. ඔවුන්ගේ වාණිජ අරමුණු ඉටුකරගැනීමට රසායනික පොහොර සහ කෘමිනාශක අත්‍යවශ්‍ය සාධක බව ඔවුන් විශ්වාස කරනවා. මහා පරිමාණ ගොවියාගේ ප්‍රධාන අරමුණ ලාභ ලැබීමයි. ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ක්‍රම ක්‍රමයෙන් ඇති කිරීමට අපි උත්සාහ කරනවා. මේ වනවිට පරිසර හිතකාමී මහා පරිමාණ ගොවිබිම් නවයක් ක්‍රියාත්මක වෙනවා."


ada2

ada4

ada6


ada7


Source : ada.lk

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ