Sunday, February 9, 2014

කොට්ටාව - කඩුවෙල අධිවේගය මාර්තු විවෘත වේ

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොටසක් වූ කොට්ටාවේ සිට කඩුවෙල දක්වා ඉදිකරන ලද කිලෝමීටර් 11කින් යුත් අධිවේගී මාර්ගය මාර්තු මස විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යංශය මගින් දේශීය ඉංජිනේරුවන්ගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් කටයුතු කරගෙන යන මෙම අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩුවෙලට අමතරව අතුරුගිරියේ පිවිසුම් මාර්ගයක්ද ඇති අතර පැයට කිලෝමීටර් 100ක ධාවන වේගයකින් ගමන් කළ හැකිය. කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වැය වන කාලය විනාඩි 08 කි.


Anura S. Liyanage Target-news -Ada-Sunday, February 9th 2014

  

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ