කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ...
කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරමින් දැනට පවතින නව කැලණි පාලමේ වාහන තදබදය අඩුකරමින් ඒ අවට ගමනාගමනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය (CKE) විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව කැලණි පාලමේ වාහන තදබදය තවදුරටත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර පවත්නා නව කැලණි පාලමෙහි ගමනාගමන අවශ්‍යතාව ද ඊට සමගාමීව වැඩිවනු ඇත. එහෙයින්, ජපන් රජයේ ආධාර ඇතිව පවත්නා නව කැලණි පාලමට යාබදව කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරනු ලැබේ.
බේරාගනී.. උපුටා ගෑනීම - Anura S. Liyanage Target-news - Sunday, 13 October 2013
0 comments:
Post a Comment