Tuesday, September 3, 2013

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය

What's common between buying sanitary napkins and condoms?

මුලින්ම කියන්න ඕන මේක ලංකාවේ කෙනෙක්ගෙ දෙයක් නෙවෙයි.ඒත් මේ කතාවෙන් අපේ නැගී එන නව නිර්මාණකරුවන්ට හොද පාඩමක් ගන්න පුලුවන්.ඔබ ඇපල් සමාගමේ නිර්මාතෘ "ස්ටීව් ජොබ්ස්"ගෙ ඉතාමත් වටිනා දේශනය අසා ඇති.මෙයත් එවැනි ඉතාමත් වටිනා කතාවක්.ඔබ අසා තීරනය කරන්න...

මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත! 

සේවා ස්ථානයේ දී විවේක වේවාවල කැරම් ගසමින් විනෝදවෙන අතරතුර දී ග්‍රොසරියේ රසකතා අප හා පැවසීම මාවලස් මහතා නිතිපතා කළ කාර්යයකි.ඔහු රසකරමින් පැවසූ එක් කතාවක් වූයේ ග්‍රොසරියට බඩු ගන්නට එන කාන්තාවන් එවකට කෝටෙක්ස් නම් වූ වෙළඳනාමයෙන් පොදුවේ හැඳින්වූ සනීපාරක්‍ෂක තුවා ඉල්ලන ආකාරයයි.

වෙනත් බඩු භාණ්ඩ දෙස බලමින් සිට එක්වරම "අන්න අරකක් දෙන්න!" යනුවෙන් ඔවුන් පවසන බවත්, ඒ හැසිරීමෙන්ම මේ ඉල්ලන්නේ මොනවාද යන්න ඔහු වටහා ගන්නා බවත්, ඉන්පසු අදාල භාණ්ඩය ගෙන එය මනාව පත්තර පිටුවකින් ඔතා සකසා පාරිභෝගිකයා අතට ලබා දෙන බවත් මාවලස් අප සමග පැවසීය.

පාරිභෝගික භාණ්ඩයක් මිළට ගැනීම මෙතරම් ප්‍රශ්නයක් වෙන්නේ ඇයිදැයි මට එදා නොවැටහිණි.මට එය මුල්වරට වැටහුණේ මින් වසර එකොලහකට පමණ පසු විවාහකයෙකු ලෙස කොණ්ඩම් මිලට ගැනීමට යාමේ දී ය.මේ සිදුවීම් මගේ සිහියට නැගුණේ මිතුරෙකු විසින් එවන ලද සබැඳියක් ඔස්සේ යමින් පහත දක්වා ඇති වීඩියෝව නැරඹීමෙන් පසුවය.

කාන්තා සනීපාරක්‍ෂ තුවා නිපදවීම පිළිබඳ මහා පෙරළියක් කළ ඉන්දියානු ජාතික අරුනාචලම් මුරුගනාන්දන් ගේ මේ කතාව පොඩ්ඩක් අහන්න.මේ වීඩියෝ එකේ සෑහෙන්න හිනායන කතා තිබේ. නමුත් ඊටත් වඩා වැදගත් කරුණු කාරණා රාශියක්ද ඇත. මේ අරුනාචලම් මුරුගනාන්දන් කියන මනුස්සයා අදහන්න වටින පුද්ගලයෙක් කියායි මට හිතෙන්නේ!




-කතන්දරකාරයා kathandara.blogspot.com

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ