Thursday, August 8, 2013

DCD නෑ කිවුවාට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ට වගකියන්න වෙයි

විදේශයන්ගෙන් මෙරටට ගෙන්වන කිරිපිටිවල ඞී.සී.ඞී. නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට අයි.ටී.අයි. ආයතනය ලබා දුන් වාර්තාව ප‍්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අයි.ටී.අයි. ආයතනය ලබා දුන් වාර්තාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තායිලන්ත රසායනාගාරයක් මගින් ලබා ගන්නා ලද වාර්තා අතර පරස්පරයක් තිබීම පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් එම කරුණු විමසීම කර තිබේ.

ආහාර පනතට අනුව ප‍්‍රධාන ආහාර බලධරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන අතර, ආහාර සම්බන්ධයෙන් සියලූ බලතල ඔහුට හිමිය.

උපුටා ගෑනීම -  lankacnews.com

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ