Saturday, August 10, 2013

DCD නෑ කියූ තායිලන්ත රසායනාගාරයට යළිත් පරීක්ෂා කරන්න යවයි ?

මෙරට වෙළඳපලේ ඇති ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide රසායනිකය අඩංගු නොවන බවට වාර්තා ලබාදුන් තායිලන්ත රසායනාගාරයට තවදුරටත් කිරිපිටි සාම්පල් පරීක්ෂා කිරීම සදහා යැවීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය යෝග්‍ය නොවන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

එබැවින් විශ්වාසදායී රටක පරීක්ෂණාගාරයක් විකල්පයක් යොදා කටයුතු කිරීම වැදගත් බවද ඒ මහතා පෙන්වා දෙයි.

එසේම නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි වල Clostridium Botulliuum නැමති බැක්ටීරියාව අඩංගු විය හැකි Way Protein ඇත්දැයි පරීක්ෂා කරන තෙක් එම නිෂ්පාදන රේගුවෙන් නිදහස් නොකිරීමට තීරණය කිරීම වැදගත් බව රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

උපුටා ගෑනීම -  lankacnews.com

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ