Friday, August 30, 2013

අංගං බලකායක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට

එදවස සිංහල යුධ හමුදාවේ සෙන්පති වරුන් අංගං ශ්‍රාස්ත්‍රයේ අති විශිෂ්ටයින් වූ බවත්, සිංහල රජවරුන්ට අංගං ශ්‍රාස්ත්‍රයේ කෙළ පැමිණි ශරීරාරක්ෂකයින් සිටි බවත්, සිංහල හේවායින් සෑම දෙනාම පාහේ අංගංපොර සටන් කලාව ප්‍රගුණ කළ අය බවත් ඉතිහාස මූලාශ්‍ර වලින් අපි කියවා ඇත්තෙමු. ඒ අහිමානවත් ඉතිහාසය ජීවමාන කරමින්, අපේ කමට මුල් තැන දෙන ශ්‍රේෂ්ට සිංහලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ මැදිහත්වීම මත රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයට අංගං ශ්‍රාස්ත්‍රය හඳුන්වාදීම මෑතකදී සිදු වුණි.

කෙසේ නමුත් අපගේ ඉල්ලීම පරිදි මෙම පින්තූර සිංහල බෞද්ධයා* වෙබ් අඩවියේ පළ කිරීමට ලබා දුන් ප්‍රකාශයයා සඳහන් කළ පරිදි, මෙම පින්තූර වලට වඩා අවශේෂ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපහසුයි. ඊට හේතු නම්, මේ සද් කාර්යය අදාල ගුරුතුමාගේ ප්‍රසිද්ධිය සඳහා භාවිතා කරනවා යැයි සමහරුන් සිතීමට ඉඩ තිබීමත්, අංගං ශ්‍රාස්ත්‍රයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමත්, රාජ්‍ය ආරක්ෂක  අමාත්‍යාංශයේ ආරක්ෂක රහස්‍යතාවය ආරක්ෂා කර ගැනීමත් ආදිය නිසයි. මෙහි ශාස්ත්‍රය උගන්වන හටන්කරුවන්ගේ මුහුණු පවා අපැහැදිලි වන පරිදි යොදා ඇත්තේද එනිසාවෙනි. මෙම පින්තූර ඇල්බමය සිංහල බෞද්ධයා* වෙබ් අඩවියේ පළ කළේ Angampora Sri Lanka පිටුවේ අවසරය සහිතවයි. අවසර නොගෙන නැවත පළ කිරීමෙන් වළකින්න.(අප අවසර ගෙන පල කරන ලදී)










මූලාශ්‍ර: Angampora Sri Lanka , සිංහල බෞද්ධයා

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ