Saturday, August 10, 2013

සෞඛ්‍ය අමාත්‍යාශය මහජනයා පැත්තේද? බහුජාතික සමාගම් ඔඩොක්කුවේද?

ITI ආයතනය නිකුත් කර ඇති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කරන්නේ කවර පදනමකින්දැයි වහාම රටට හෙළි කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

බහු ජාතික කිරිපිටි සමාගම් වල අතකොලූ බවට පත්නොවී වෙළදපොළේ ඇති ආහාර වල ප‍්‍රමිතිය තහවුරු කිරීම ඒ සම්බන්ධව වගකිව යුතු ආයතන වල කාර්යයභාරය බවද ජාතික හෙළ උරුමය සදහන් කරයි.

අමාත්‍යාංශයක වගකිවයුතු ආයතනයක් නිකුත් කළ වාර්තාවක් ප‍්‍රතික්ෂේප කර, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවට තායිලන්තයේ සිදු කරන ලද පරීක්ෂණයක වාර්තාවක් ඉදිරිපත් කර ඇග බේරා ගැනීමට උත්සාහ කරන්නේ මන්දැයි ජාතික හෙළ උරුමය විමසයි.

වගකිව යුතු ආයතන එසේ සිදුකර බේරා ගැනීමට උත්සාහ කරන්නේ මෙරට ජනතාවද, බහු ජාතික සමාගම්ද යන ප‍්‍රශ්නය පැන නැගී ඇති බවද ඔවුන් සදහන් කරයි.

ජනතාව නොමග යවමින් කිරිපිටි වල වසවිස නැතැයි ප‍්‍රකාශ කරමින් කරගෙන යන කොන්ත‍්‍රාත්තුව නවතා, ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන ලෙස ජාතික හෙළ උරුමය තවදුරටත් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිති.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/99073/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ