Sunday, August 25, 2013

ළඟදීම ඔරේන්ජ් ජංගම දුරකථන වෙළෙඳපොළට එයි

ලංකාවේ විදුලි උපාංග සහ ජංගම දුරකථන යන ක්ෂේත්‍රයන්හි නව විප්ලවයක් ඇති කිරීමේ අරමුණින් මෙරට විදුලි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම නාමයක් හිමි කරගෙන ඇති ඔරේන්ජ් තවත් මාස දෙකකින් ජංගම දුරකථන ක්ෂේත්‍රයටද යොමු වන බව ඔරෙල් කෝපරේෂන් හි කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා පවසයි.

මේ සමග ලංකාවේ ජංගම දුරකථන අලෙවි ක්ෂේත්‍රයට පිවිසෙන ප්‍රථම විදුලි උපාංග නිෂ්පාදන සමාගම බවට ඔරෙල් කෝපරේෂන් පත් වෙයි.

(Photo Caption ඉන්දියාවේ ස්ප්යිස් මොබයිල් සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර සාමාන්‍යාධිකාරි රොහාන් කුරියන් හා ඔරෙල් කෝපරේශන් හී කළමනාකාර අධ්‍යක්ෂ කුශාන් කොඩිතුවක්කු ගිවිසුම අත්සන් කීරිමෙන් අනතුරුව.)
ජංගම දුරකථන ක්ෂේත්‍රයට පිවිසීම සඳහා ඔරේන්ජ් සමාගමට සහය ලබා දෙන්නේ ඉන්දියාවේ බී.කේ. මෝඩි සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ස්පයිස් මොබයිල් සමාගමයි. ඒ සඳහා වන ගිවිසුමට පසුගියදා අත්සන් කළ බව බවද කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

"ඉදිරියේදී විදුලි උපාංග ක්ෂේත්‍රය සහ ජංගම දුරකථන ක්ෂේත්‍රය යනු අංශ දෙකක් නොව එකක් බවට පත් වන ලකුණු දැනටම පහළ වී තිබෙනවා. නුදුරු අනාගතයේදීම බොහෝ දෙනෙකු තමන්ගේ නිවසේ ඇති විදුලි උපාංග ජංගම දුරකථන හරහා පාලනය කරන්නට මේ නිසා හැකිවේවි. එවැනි කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා ඔවුන්ට හොඳ මට්ටමේ ජංගම දුරකථන අවශ්‍යයයි.එම ජංගම දුරකථන විදුලි උපාංග සමග එකම වහලක් යටින් මිලදී ගන්නට අවස්ථාව ලැබුණොත් පාරිභෝගිකයන්ට විශාල පහසුවක් වේවි. අප සමාගම ජංගම දුරකථන ක්ෂේත්‍රයට පා තබන්න තීරණය කළේ ඒ අනුවයි," යැයි කොඩිතුවක්කු මහතා කියා සිටියි.

ඔරෙල් කෝපරේෂන් හි ජංගම දුරකථන අංශය මෙහෙයවන එහි සාමාන්‍යාධිකාරි ගිහාන් සිගේරා මහතා පැවසුවේ ඉන්දියාවේ ස්පයිස් මොබයිල් සමාගම සමග අත්වැල් බැඳගන්නට ලැබීම මහත් ජයග්‍රහණයක් කොට සළකන බවයි. ස්පයිස් මොබයිල් සමාගම ඉන්දියාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රබල ස්ථානයක පසු වෙන බව කී බව කී සිගේරා මහතා ඔවුන්ගෙන් ලැබෙන සහය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ජයගන්නට මහත් රුකුලක් වනු ඇති බවටද විශ්වාසය පළ කළේය

උපුටා ගෑනීම -  http://sinhala.adaderana.lk

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ