Friday, August 23, 2013

රන්මිහිතන්නේ රූගතකරන පළමු මහාපරිමාණ විදෙස් චිත්‍රපටය සදහා හින්දි නළු නිලයන් ශ්‍රීලංකාවට

අනුරාග් කාශ්‍යපගේ සිනමා නිර්මාණයක් වන "බොම්බේ වෙල්වට්" චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා විශාල කාර්ය මණ්ඩලයක් සහ හින්දි නළු නිලයන් මේ දිනවල ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ රන්බීර් කපුර් වන අතර ප්‍රධාන නිළිය වන්නේ අනුෂ්කා ෂර්මා ය.

සැප්තැම්බර් මස දක්වා රූගත කිරීමට දින වෙන්කරගෙන ඇතිඅතර එය රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පටිගත කිරීමට නියමිතය.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ අක්කර හතරක භුමි භාගයක් තුල චිත්‍රපටයට පාදක වන 1950 හා 1970 දශකයේ පසුබිම් නිර්මාණය කිරීමට සුදානම්කොට ඇත.රන්මිහිතන්නේ රූගතකරන පළමු මහාපරිමාණ විදෙස් චිත්‍රපටය මෙය වන අතර ඒ හෙයින්ම එහි නාමය "සෙරන්ඩිබ් ස්ටුඩියෝ" යන නමින් වෙනස්කොට ඇත.

මෙසේ පැරණි බොම්බේ නගරය රන්මිහිතැන්න තුල ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඔවුන්ට මිලියන 260 කට ආසන්න මුදලක් වැයවී ඇත.හම්බන්තොට ප්‍රදේශයේ පවතින වියලි ස්වභාවය බොම්බේ නගරය ප්‍රතිනිර්මාණයට යොදාගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

පසුගිය සිකුරාදා දින චිත්‍රපටය පිලිබඳ මාධ්‍යය හමුවක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුනි. එහිදී රන්බීර් කපුර් මෙන්ම අනුෂ්කා ශර්මාද ශ්‍රී ලංකාව පිලිබඳ සිය අදහස් මාධ්‍යයට දක්වන ලදී. 

රන්බීර් කපුර් එම මාධ්‍යය හමුවේදී අදහස් දක්වමින් කියා තිබුනේ ලංකාව ඉතා පිරිසිදු රටක් බවත් තමා එයට බොහෝ සෙයින් ඇලුම් කරන බවත් යනුවෙනි.

එහිදී අනුෂ්කා ශර්මා කියා සිටියේ තමා ශ්‍රී ලංකාවේදී ඇතිතරම් ආප්ප සහ කිරිබත් කෑ බවත් ඒවා ඉතා රසවත් බවත් යනුවෙනි. 





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ