Friday, August 30, 2013

නවසීලන්තය අලූත් පොතක් පෙරලයි… ලංකාව දියර කිරෙන් ස්වංපෝෂිත කරනවාලූ

මෙරට දේශිය කිරි නිෂ්පාදනය ප්‍රචලිත කරමින් කිරි ගොවීන් දිරිමත් කිරීම, උසස් තත්ත්වයේ කිරි ගවයින් ප්‍රවර්ධනය කිරීම මෙන්ම කිරි ගොවිපළ ආරම්භ කිරීම සහ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අධාර, දැනුම, තාක්ෂණය ලබාදීමට නවසීලන්ත රජය එකඟවූ බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

මෙරට සංචාරයක නිරතව සිටින නවසීලන්ත විදේශ අමාත්‍ය මුරේ මැකුලි සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා වූ වැඩසටහනට අනුග්‍රහය සහ පූර්ණ සහයෝගය ලබා දීමටද නවසීලන්ත රජය එකඟතාව පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ලබන නොවැම්බර් මාසයේදී අත්සන් තැබීමට ද නියමිතය.

උසස් වර්ගයේ නවසිලන්ත කිරිපිටි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව මෙරට පාරිභෝගිකයින්ට ලබාදීමට සෑම අංශයක් සමඟම සහයෝගිතාවයෙන් කටයුතු කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.



උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/100230/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ