Saturday, August 31, 2013

පැච් එකට තිතක් – ටයරයේ සිදුරු ස්වයංක්‍රීයව වැසෙන විශේෂ ජෙල් වර්ගයක්...

ශ්‍රී ලංකා ගගන ඉන්ජිනේරු ජේ. කුලතිලකගේ නිපැයුමකි...

ධාවනය වන වාහනයක ටයරයක් සිදුරු වූ විට එය ස්වයංක්‍රියව වැසෙන විශේෂ ජෙල් වර්ගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ගගන ඉන්ජිනේරුවරයකු වන ජේ. කුලතිලක මහතා සමත් වී තිබෙනවා. ඔහු විසින් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ද ගෙන නව නිපැයුම වෙළෙඳපොළට ද හඳුන්වා දී තිබෙනවා.

දෙනියායේ පදිංචි කුලතිලක මහතා විසින් ‘ලයිනා’ නමින් හඳුන්වන මේ ජෙල් වර්ගය කැනඩාවෙන් මෙරටට ගෙන්වන සුළු අමුද්‍රව්‍යයක් හා ලංකාවේ පරිසරයට ගැළපෙන අමුද්‍රව්‍යයන් එක්කොට නිෂ්පාදනය කොට තිබෙනවා. එමෙන්ම එය කිසි අයුරකින් ගිනි නොගන්නා බවද හෙතෙම පවසනවා.








0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ