Friday, August 30, 2013

මිල්ග්‍රෝ කිරිපිටි විනාශ කිරීමට නියෝග - තවත් කිරිපිටි වර්ග 3 ඞී.සී.ඞී. ඇතැයි සැකයක්

මිල්ග්‍රෝ කිරිපිටි වර්ගයෙහි ඩයිසයිනමයිඞ් හෙවත් ඞී.සී.ඞී. ඇති බවට තහවුරු වීම නිසා එම කිරිපිටි වෙළෙඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට අලෙවිය තහනම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ‍්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

තවත් කිරිපිටි වර්ග 3ක ඞී.සී.ඞී. අඩංගු බවට සැකයක් මතුව ඇති බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ ඇන්කර් වන්ප්ලස්, රත්තී සහ ඇන්කර් පීඩියාප්‍රෝ මමා යන කිරිපිටිවලයි. ඒ අනුව එම කිරිපිටි වර්ග අලෙවිය තාවකාලිකව තහනම් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

උපුටා ගෑනීම -  http://goo.gl/SF2zV5

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ