Friday, August 30, 2013

පාහියන්ගල මානව ඇටසැකිල්ල වසර 12,000ක් පැරණි බව හෙළිවේ

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පාහියන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම්වලදී සොයාගත් මානව ඇට සැකිල්ල වසර 10,000-12,000ක් අතර ඉතිහාසයකට හිමිකම් කියන බව පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.

මෙම අවශේෂ කොටස් කාබන් කාලනිර්ණ කටයුතු සදහා ‘ඔක්ස්ෆර්ඞ්’ විශ්වවිද්‍යාලය වෙත යවා තිබූ අතර,පර්යේෂණ කටයුතු වලින් පසු වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ දැනට අංග සම්පූර්ණ ඇට සැකිල්ලක් සොයාගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර,ප‍්‍රාග් මානව ජනාවාසයක අවශේෂ අනාවරණයන් ඉතිහාසය හෙළිකිරීම මෙහි සුවිශේෂීත්වය වඩා තීව‍්‍ර කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ