Thursday, April 11, 2013

සැබෑ දේශප්‍රේමියෙක් laugfs ගෑස් අදිපති

 අපේ පරම්පරාවේ අය හුඟක් වෙලාවට පරමාධර්ශී චරිත ලෙස මුල් තැනක් දෙන්නේ පිටරට චරිත වලට.උදාහරණයකට පරිගණක හෝ තොරතුරු තාක්ෂනය ආශ්‍රිත විෂය ධාරාවල අධ්‍යනය නියුතු අය හැමවිටම ඔලුව උස්සල බලන්නේ බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග් වගේ වගේ අය දිහා. ඔවුන්ගේ ජීවිත කතා ඇත්තටම සුවිශේෂී ඒවා.ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා.


ඇයි අපි ලංකාවෙ මිනිහෙක් දිහා එහෙම බලන්නෙ නැත්තේ?
ලංකාවේ එහෙම මිනිස්සු නැද්ද?

නැහැ, ලංකාවෙත් එහෙම මිනිස්සු ඉන්නවා....

1

ඔවුන් ඉස්මතුවී නොපෙනෙන්නට එක හේතුවක් වෙලා තියෙන්නෙ ලංකාවෙ එහෙම ආදර්ශමත්යයි වරක් තමන් හිතාගත් පුද්ගලයා කෙරෙහි හිත බිදී යාමයි.මේක වෙන්නේ එම පුද්ගලයෝ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් දේශපාලන බලපෑම්වලට ලක්වීමයි.කවුද කියල මම කියන්න ඕනේ නැහැ, හිතාගන්න.

1

මේ පුද්ගලයෝ අතරේ නිහඩව රට වෙනුවෙන් තමන්ගේ ක්ෂේත්‍රයේ නියුතුව තමන්ගේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු කොටසක් ඉන්නවා.ඒ අය ඉස්මතුවෙලා පෙනෙන්නේ නැහැ.කොටින්ම මිනිස්සු රජයේ සේවයට කොච්චර බැන්නත් රජයේ සේවයේ නියුතු දැඩි කැපවීමෙන් වැඩ කරන කොටසක් ඉන්නවා.

1

මේ කතාකරන්න යන පුද්ගලයත් නිහඩව තමන්ගේ සේවය තම මවුබිමට, දේශීය ආර්ථිකයට තම දායකත්වය ලබාදෙන අයෙක්.ඔහුගේ අදහස් හරිම ප්‍රායෝගිකයි.ඔහු බොහෝ ඇසූ පිරූ තැන් අත්දැකීම් බහුල සාර්ථක ව්‍යාපාරිකයෙක්.

සරල ජීවිතයක් ගත කරන පොළොවේ පය ගහල් ඉන්න මිනිහෙක්.
1
ඔක්කොටම වැඩිය ඔහු රටට ආදරය විතරක් නොකර රට වෙනුවෙන් යමක කරපු මිනිහෙක්.
 


" ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු මුදලක් ලග තියෙන්න ඔන නෑ....තියෙන්න ඔන ලොකුම ධනය තමා ආත්මවිශ්වාසය " - ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය

laugfs වෙබ් අඩවිය මෙතනින්
laugfs ෆේස්බුක් පිටුව  මෙතනින්
laugfs යූ ටියුබ් චැනලය  මෙතනින්

මෙය උපුටාගත්තේ රිවිර පුවත්පතෙනි..රිවිර ඉරිදා සන්ග්‍රහය යනු සෑම විටම දේශීය නිශ්පාදකයන් ගැනත්,දේශීය කර්මාන්ත ගැනත්,ජාතික අභිමානය ගැනත් බොහො ලිපි සතිපතා ගෙන එන පුවත්පතකි.

ඔබත් දේශීය නිශ්පාදන අගය කරන්නෙක් නම්.හැකි සෑම විටම "රිවිර" පුවත්පත කියවන්න...ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද එය නැරබිය හැකිය.මෙම ලිපිය සවිස්තරාත්මකව  මෙතනින්




ස්තූතිය "diviyapura | දිවිය පුරා" බ්ලොගයට





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ